සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් ලංකාවෙන්ම එක වෙන එරියාව ඉස්කෝලේ මේ පාරත් දිනුම්….

by editor
සැප්තැම්බර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්ත – අඹන්පොල –

මහව අධ්‍යාපන කලාපයේ ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි එරියාව මහින්ද ප්‍රාථමික විද්‍යාලය පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලින් මෙවරත් විශිෂ්ට ජයක් අත්පත් කරගෙන ඇත. මේ වන විටත් මහව අධ්‍යාපන කලාපයේ මෙන්ම වයඹ පළාතේ ප්‍රථම ස්ථානයේ සිටින මෙම විදුහල මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් හිමි කරගත් ප්‍රතිඵලය සියයට හැට අටකි. (68%). ඒ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ සමත් ප්‍රතිශතය ය.

මෙවර එම විදුහලෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව තිස් එකකි.(31). එයින් සිසුන් විසි එක් දෙනෙක් (21) කඩඉම් ලකුණ ජයගෙන ඇත. ලකුණු සියය ඉක්මවූ ශිෂ්‍ය ප්‍රතිශතය සියයට සීයකි.(100%).

විවිධ දුෂ්කරතා මැද පවත්වාගෙන යන මෙම පාසල වසර කීපයක් තිස්සේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්  දිවයිනේ ප්‍රථම ස්ථානය ලබමින්  විශිෂ්ට ජයග්‍රහණ පෙන්වූ පාසලකි.

විභාග දෙපාර්තමේන්තුව මඟින් ස්ටැනයින් පරිමාණ දර්ශකයට අනුව කරන ලද ඇගයීමෙන්  2016 වර්ෂයේ 62%, 2019 වර්ෂයේ 65%, 2022 වර්ෂයේ 78%, 2023 69%, 2024 89%  වශයෙන් මෙම අවුරුදුවල ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ මෙම පාසලයි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ටී.එම්. තෙවිදු  නිම්සිළු තෙන්නකෝන්

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් මෙමෙ පාසලේ වැඩිම ලකුණ එනම් ලකුණු එකසිය අසූ දෙකක් (182) වාර්තා කරන්නේ  ටී.එම්. තෙවිදු  නිම්සිළු තෙන්නකෝන් ශිෂ්‍යයායි. ඔහු මෙසේ පැවසුවේය.

“අපි අමතර පන්ති වලට සහභාගි වුණේ  නෑ. පාසලෙන් විතරයි ඉගෙනගත්තේ.  අපිට අමතර පන්ති වලට යන්න වෙලාවක් තිබුනෙත් නෑ…අපිට පාසල ගෙදර වගේ. හරිම විනෝදයෙන් තමයි අපි පාසලේ වැඩ කටයුතුකළේ. පොත්පත්වලට පමණක් සීමා වෙන්නේ නැතුව අපි ප්‍රායෝගිකව හැමදේම ඉගෙන ගත්තා. පාසලට කීර්තියක් ගෙන එන්නට මට හැකි වුණාට බොහොම සතුටුයි. මගේ යාලුවෝ ගොඩාක් මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වුණා. අනාගතයේ රටට දැයට වැඩක් ඇති යහපත් පුරවැසියෙක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.”

ඩබ්.එම්. දිනුලි උමායා වන්නිනායක .

” මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් මගේ ලකුණු එකසිය හැත්තෑ හතරයි.(174). හිතට හරිම සතුටක් දැනෙනවා…..අපි පාසලේ ඉගෙනීම් කටයුතු කළේ ඉතාම සතුටින්……විදුහල්පතිතුමා , පන්තිභාර ගුරුතුමා, සහ ගුරු මණ්ඩලයේ හැමෝම අපිට ඉගෙන ගන්න උදව් කළා. දෙමව්පියන් හැමෝමත් උදව් කළා..ඒ හැමෝටම ගොඩක් ස්තූතියි …”

කේ. ජී. ලහිරු කොළඹගේ

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි පන්තියේ පන්තිභාර ගුරුවරයා ලෙස කටයුතු කළේ මම. පළමු ශ්‍රේණියේ සිටම මේ පාසලේ ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහන් නිසා අපි ආයාසයකින් තොරව මේ ජාතික මට්ටමේ ජයග්‍රහණය සඳහා යොමු  වෙනවා .පාසල තුළ දැන් ඒක සිස්ටම් එකක් බවට පත්වෙලා. විනෝද ජනක ක්‍රීඩා සංගීත වැඩසටහන් රාත්‍රී කඳවුරු ප්‍රායෝගික වැඩ මුළු දරුවන් හා දෙමව්පියන් වෙනුවෙන් විශේෂ උපදෙස් වැඩසටහන් සමගින් තමයි මේ පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසාම අපේ දරුවොත් ආයාසයකින් තොරව මේ ජයග්‍රහණ වෙත යොමුවෙනවා. සෑම වසරකම වගේ මෙවරත් අපි මේ ප්‍රතිඵලය පිළිබඳව ඉතාම සතුටට පත්වෙනවා.”

කේ. ජී. ලහිරු කොළඹගේ

විදුහල්පති අනිල් ගාමීනී විජේරත්න 

මහව කලාපයේ අති දුෂ්කරම පාසලක් තමයි මේ විදිහට සෑම වසරකම ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නේ. අවුරුදු දෙකක්ම ගුරු හිඟයක් මත තමයි මේ වාර්තාගත ප්‍රතිඵල වලට අපි ගියේ. 2016 වර්ෂයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කරගත් එරියව මහින්දය 2022 වසරේ සිට අඛණ්ඩව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගන්නවා.

විදුහල්පති අනිල් ගාමීනී විජේරත්න…

මේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුව ගුරු මණ්ඩලයේ කැපවීම සහ දෙමව්පියන්ගේ සහයෝගයයි.මේ අති දුෂ්කර පාසල ඉදිරියට වාර්තා පිට වාර්තා පිහිටුවන්න හැකි විදියේ සැලැස්මක් හදලා මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. සමහරසමහරවිට ලබන වසරේ පාසලේශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවල යම් ආශ්චර්යයක් සිදු වේවි.” යනුවෙන් ඔහු  පාසලේ අනාගත බලාපොරොත්තු පිළිබඳව අපූර්ව අදහසක් ප්‍රකාශ කළේය

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මානව හිමිකම් උල්ලංඝණ හොයන්න ඉදිරිපත්වන ඕනෑම බාහිර මැදිහත්වීමක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනවා… විදේශ ඇමති එක්සත් ජාතීන්ට කියයි!

Next Post

බදුල්ලේ ඉසිවර දොස්තර පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණ තබා කරන්න යන්නේ කුමක් ද?

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.