සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් උල්ලංඝණ හොයන්න ඉදිරිපත්වන ඕනෑම බාහිර මැදිහත්වීමක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනවා… විදේශ ඇමති එක්සත් ජාතීන්ට කියයි!

by editor
සැප්තැම්බර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද ගැටුම්වල දී සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් උල්ලංගණයන් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවරාකාරයේ හෝ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව   විදේශ අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසි වාරය අමතමින් අවධාරණය කළේය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (08) පස්වරුවේ දී සමුළුව ඇමතූ අමාත්‍යවරයා  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්ටර් ටකර් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීම සම්බන්ධ නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම ඇතුළු බරපතල චෝදනා රැසක් සහිතව කළ වාර්තාවට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සිය කතාව කළේය.

රටේ නෛතික ක්‍රියාවලිය සහ නඩු පැවරීම් සම්බන්ධවත් නව සමාජ ප්‍රතිසංස්කරණවල ස්වරූපය සම්බන්ධවත් පැහැදිලි කරමින් අමාත්‍ය විජිත හේරත් පැවසුවේ  නීතිපතිවරයා චෝදනා ගොනු කරන්නේ පැහැදිලි මූලික නඩුවක් ඇති විට පමණක් බව අවධාරණය කළේය.  නඩු පැවරීමේ අභිමතය සීමා රහිත නොවන බව කී අමාත්‍යවරයා එම නෛතික ක්‍රියාවලිය අධිකරණ සමාලෝචනයට සම්පූර්ණයෙන්ම යටත් වන බවත් සහතික කර කිවේය.

නීතිපති කාර්යාලය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ “සෘණාත්මක නිරූපණය” ප්‍රතික්ෂේප කළ විදේශ ඇමතිරයා එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රටට කරන අසාධාරණයක් බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලීන් ස්වාධීන සහ විශ්වසනීය බව අවධාරණය කළේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ගැටුමෙන් පසු වගවීම සහ සුවපත් කිරීම සඳහා දිගුකාලීන ඉල්ලීමක් නැවත පණ ගන්වමින් රජය සත්‍ය සහ සංහිඳියා කොමිසමක් (TRC) පිහිටුවන බව අමාත්‍යවරයා තවදුරටත් නිවේදනය කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වූ පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට (OMP)  රුපියල් මිලියන 375 ක අතිරේක මුදලක් වෙන් කර ඇති බවත්, එය පරිපාලනය සඳහා “විශේෂ ප්‍රමුඛතාවයක්” බවත් ඔහු කීවේය.

පුළුල් නීති ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ගෙනහැර දක්වමින් විදේශ ඇමතිවරයා කීවේ මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත  වෙනුවට නව ත්‍රස්ත විරෝධී පනතක්   ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවය.    මහජන අදහස් විමසීමෙන් පසු මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන සකස් කරමින් පවතින බව ඔහු තහවුරු කළේය. ඇමතිවරයා කීවේ  ගෘහස්ථ හිංසනය, ළමා අයිතිවාසිකම් සහ ආබාධිත ප්‍රජාවගේ  අයිතිවාසිකම් පිළිබඳ නීති කෙටුම්පත් දැනටමත් සිදුවෙමින් පවතින බවය.

සංහිඳියාව අරමුණු කරගත් සංකේතාත්මක අභිනයකින්, ප්‍රජාවන් හරහා ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය 2025 දෙසැම්බර් මාසයේදී පළමු වරට “ශ්‍රී ලංකා දිනය” සමරන බව ද අමාත්‍යවරයා නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිගත් නමුත් කනස්සල්ල ද මතු කළ මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා අවධාරණය කර කියා සිටියේ  ප්‍රතිසංස්කරණ දේශීය වශයෙන් මෙහෙයවනු ලබන බවය.

ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය වැනි “බාහිර යාන්ත්‍රණයන්ට” එරෙහිව අනතුරු අඟවන බව කී විදේශ ඇමතිවරයා  එම බලපෑම් මානව හිමිකම් සාධනය අරභයා සිදුවන සැබෑ ජාතික උත්සාහයන් අඩපණ කරනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර අපරාධ චෝදනා ඇති අයට තව දුරටත් සම්බාධක පනවන්න… මානව හිමිකම් මහ කොමසාරිස් ලෝකයෙන් ඉල්ලයි…

Next Post

ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් ලංකාවෙන්ම එක වෙන එරියාව ඉස්කෝලේ මේ පාරත් දිනුම්….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.