බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදුල්ලේ ඉසිවර දොස්තර පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණ තබා කරන්න යන්නේ කුමක් ද?

සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා වෛද්‍යවරුන් රැස් කර ඇල්ල බස් රථ අනතුරේදී රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගැනත් විනය පරීක්ෂණයක් තියන්නැයි බදුල්ලේ සෞඛ්‍ය අංශ රජයට කියයි....

by editor
සැප්තැම්බර් 9, 2025
in පුවත්
palitha
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                            

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී  අඩි 1000ක් පමණ  ප්‍රපාතයට ඇද වැටුණු බසයේ තුවාල කරුවන් බේරාගැනීමට කටයුතු කළ බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාපක්ෂ  සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වන විනය පරීක්ෂණය ඊයේ (08) පවත්වන ලද බවත් එහි තීරණය ඉදිරියේ දී ප්‍රකාශ කිරීමට නියමිත බවත් වාර්තා වේ.

වසර 2023දී රෝහල්වල ඖෂධ නොමැතිවීම සම්බන්ධව ජනමාධ්‍යවෙත ප්‍රකාශයන් නිකුත් කිරිමට එරෙහිව  සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිදහසට කරුනු විමසමින් මෙම විනය පරික්ෂණයක් ආරම්බ කෙරුණි.

මේ වන විට එම විනය පරික්ෂණය රාජ්‍ය සේවා කොමිෂම මගින් පවත්වාගෙන යන අතර මෙම කාලය තුළ වෛද්‍යවරයාට උසස්වීම් , විදේශ ගතවීම් සියල්ල අහිමි වී ඇත.

ආරම්බ කර ඇති විනය පරික්ෂණය ඉක්මනින් නිමා කර තීන්දුව ලබා දෙන්නේ නැයි වෛද්‍යවරු ප්‍රකාශ කරති.

බැටරියක් ආධාරයෙන් හෘදය ක්‍රියාත්මක කරමින් රාජකාරි ඉටුකරන වෛද්‍ය පාලිත රාජපක්ෂ   දණහිස් දෙක සහ බෙල්ල සැත්කමකට ලක් කර තිබියදී ප්‍රපාතයකට බැස ජීවිත බේරා ගැනීම සබන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිවෙකුගේ හෝ ඇගයීමකට ලක්  නොවීමද කණගාටුවක් බව වෛද්‍යවරු පවසා සිටිති.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කෙසේ නමුත් බදුල්ල රෝහල තුළ spinal board 2ක් පමණක් තිබු අවස්ථාවක එයට තවත්  spinal board 6ක් එකතු කර ගැනීම වෛද්‍ය පාලිත රාජපක්ෂ  කළ ඉල්ලීමකට අනුව ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින් පිරිසක් එම ඉල්ලීම ඉටු කිරීමට කටයුතු කර තිබුණි.

මේ හේතුවෙන් අනතුරුට පත් තුවාල කරුවන් කිසිවෙකුටත් සුසුම්නාවට හානි නොවන ලෙස ප්‍රපාතයෙන් ඉහළට ගැනීමට හැකිවිය.

එසේම ඇල්ලවැල්ලවාය බස් අනතුරෙන් පසුව මුස්ලිම් ජාතිකයෙක් වෛද්‍ය පාලිත සොයාවිත් ඔහුට කරන ගෞරවයක් ලෙස  රෝහලට ලක්ෂ 15ක් වටිනා දැඩිසත්කාර එකක ඇදක් පරිත්‍යාග කළේ පසුගිය 7 වෙනිදාය.

මේ තත්ත්වය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් නොකර වෛද්‍යවරුන් සියය ගණනක්  රැස්කරමින් ඇල්ල වැල්ලවාය බස්රථ අනතුරෙන් තුවාල ලැබූවන් බේරාගැනීමට කටයුතු කිරිම සම්බන්ධයෙන්ද විනය පරික්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයට කටයුතු කළහොත් එහි පුදුමයට කරුණක් නොවන බවද මේ සම්බන්ධව ලංකාසරට අදහස් දක්වමින් බදුල්ල රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

තවත් වසර කීපයකින් පමණ විශ්‍රාම යාමට නියමිතව සිටින වෛද්‍ය පාලිත රාජපක්ෂ   සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇගයීමට ලක්නොවුවද ඌවපළාත් ජනතාවගේ ඇගියීමට ලක්ව අවසන් බව පළාත් සෞඛ්‍ය ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් ලංකාවෙන්ම එක වෙන එරියාව ඉස්කෝලේ මේ පාරත් දිනුම්….

Next Post

වරායේ ක්‍රිකට්වලින් කෝටි ගණන් ගැසූ වරායේ ක්‍රිකට් ලොක්කෙක් අතේ මාට්ටුවන ලකුණු!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.