තුෂාරී කළුබෝවිල –
ලොව සර්ව කාලීන විශිෂ්ට සිනමා තරු පනස්දෙනා අතරට භාරතීය සුපිරි තරුවක් වන ශාරුක් ඛාන් ඇතුළත් ව ඇති බව ලෝකප්රකට “එම්පයර්” සිනමා සඟරාව නම් කර තිබේ.
ලොව සර්ව කාලීන විශිෂ්ට නළු නිළියන් පනස්දෙනා අතරට එක් වූ එක ම ඉන්දියානු නළුවා වන්නේ ද ශාරුක් ඛාන් ය.
ලොව සර්ව කාලීන විශිෂ්ටයින් පනස්දෙනා අතර ලෝකප්රකට නළු නිළියන් වන ටොම් හෑන්ක්ලර්, මාලන් බ්රැන්ඩෝ, රොබට් ඩී. නිරෝ, ඩෙන්සල් වොෂින්ටන්, ටොම් කෲස්, ලියෙනාඩෝ ඩිකැප්රියෝ, හීත් ලෙජර් වැනි ශිල්පීන් ද ඇතුළත් වේ.