සුමිත් පොතුපිටිය –
හිටපු අග්රාමාත්ය ශ්රීමත් ජෝන් කොතලාවල මහතාගේ සොහොයුරෙකුගේ පුතෙකුට අයත් පානදුර පිහිටි ඉඩමකට ඇතුළුව එහි නිවස සහිත ඉඩම අත්පත් කරගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්රදේශයේ පදිංචි කාන්තාවක සහ කොරළවැල්ල ප්රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් බව පොලිසිය කීය.
එම නිවසේ කලක සිට කිසිවෙක් පදිංචිව නොසිටි බැවින් නිවස ආසන්නයේ පදිංචි කාන්තාවක සැකකාර අඹුසැමි යුවල සහ ඔවුන්ගේ ළමුන් දෙදෙනෙකු නිවසේ පදිංචි කරවා ඇතිබව මූලික පරීක්ෂණ වලදී අණාවරණය වී ඇතැයි පොලිසිය කීය.
හිටපු අග්රාමාත්ය වරයාගේ සොහොයුරෙකුගේ ලේලියක් වන ස්විස්ටර්ලන්ත ජාතික කාන්තාවක විසින් පානදුර දකුණ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
සැකකරුවන් පානදුර මහේස්ත්රාත් අධිරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්රියංකර නාවුල්ලගේ ප්රධානත්වයෙන් සැරයන් වරුන්වන ගාමිණී (43134), රණතුංග (22665) සහ පොසැරි බණ්ඩාර (25722) වැටලීමට එක්වූහ







