සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර අපරාධ චෝදනා ඇති අයට තව දුරටත් සම්බාධක පනවන්න… මානව හිමිකම් මහ කොමසාරිස් ලෝකයෙන් ඉල්ලයි…

by editor
සැප්තැම්බර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ශ්‍රී ලංකාව වගවීම් සඳහාවන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම දැඩිව ප්‍රතික්ෂේප කිරීම ප්‍රතිසංධාන ක්‍රියාව අවතක්සේරු කිරීමක් … මානව හිමිකම් මහ කොමසාරිස් කියයි!

ශ්‍රී ලංකාවේ සිදුකරන ලද ජාත්‍යාන්තර අපරාධ සම්බන්ධයෙන්  චෝදනා ලැබ සිටින අපරාධකරුවන් සම්බන්ධව විමර්ශනය කිරීමට සහ   නඩු පැවරීමටත්,    මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට තව දුරටත් සම්බාධක පැනවීමටත් කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වොල්ටර් ටකර් ලෝකයෙන්  ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අද  (08) ජිනීවා නුවර ආරම්භ වුන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 60 වැනි සැසිවාරය අමතමින්  මේ බව පැවසුවේ     ශ්‍රී ලංකාවේ බහුවිධ මානව හිමිකම් අර්බුදය පිළිබඳ  කටුක තක්සේරුවක්  කරමිනි.

ඔහු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මතක් කළේ 2022 දී “ශ්‍රී ලාංකිකයන් දස දහස් ගණනක් ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ ආර්ථික අවභාවිතය සහ දූෂණය සඳහා වගවීම ඉල්ලා වීදි බැස ඇති” බවයි.

“දිගු කලක් ප්‍රමාද වූ පරිවර්තනයක්” සඳහා බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවට, රජය “මූලික අයිතිවාසිකම් සහ නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙරෙහි දුරදිග යන බලපෑමක් ඇති කළ හැකි නීති” සම්මත කර හෝ යෝජනා කර ඇති බව ටකර් පෙන්වා දුන්නේය.

ආර්ථික අවභාවිතය හේතුවෙන් මිලියන ගණනක් දරිද්‍රතාවයට ඇද දමා ඇති පසුබිමක රජය විසම්මුතිය මර්දනය කර බරපතල අපයෝජනයන් සඳහා වගවීම අවහිර කර ඇතැයි ටකර් කීවේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

විරෝධතා මැඩපැවැත්වීම සඳහා, රජය මාර්ගගත ආරක්ෂණ පනත, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත් කෙටුම්පත සහ රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත ඇතුළු සිවිල් නිදහස දැඩි ලෙස කප්පාදු කරන නීති මාලාවක් පනවා හෝ අනුගමනය කර ඇති බව ඔහු සභාව ඉදිරියේ අනාවරණය කළේය.

මෙම ප්‍රතිපත්ති “ආරක්ෂක හමුදාවන්ට පුළුල් බලතල ලබා දෙන අතර, එක්රැස්වීමේ, සමාගමයේ  සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ අයිතිවාසිකම් දැඩි ලෙස සීමා කරන අතර එය සිවිල් අවකාශයට පමණක් නොව ව්‍යාපාරික පරිසරයට ද බලපායි” යනුවෙන් ටර්ක් අනතුරු ඇඟවීය.

ත්‍රස්වාදය වැලැක්වීමේ පනත අවලංගු කිරීමට රජය කැප වී සිටිය ද එම නීතිය යටතේ අත්තනෝමතික අත් අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් දිගටම පවතින බව අවධාරණය කළ මහකොමසාරිස්වරයා මෙම පනත භාවිතා කිරීම වහාම නවත්වන ලෙස ඉල්ලා සිටියේය.

මූලික අයිතිවාසිකම්, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් අනෙකුත් නීති හෝ යෝජිත නීති සංශෝධනය කිරීම් හෝ අවලංගු කරන ලෙසද මහකොමාසාරිස්වරයා සිය වාර්තාවෙන්  ශ්‍රී ලංකාවට දැන්වූයේය.

එමෙන්ම මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත සිවිල් සහ දේශපාන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර  සම්මුති පනත මෙන්ම මේ වනවිට කෙටුම්පත් වෙමින් ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබදවත් යළි අවධානය යොමු කළ යුතු බව තමන්ගේ වාර්තාවෙන් දන්වන බව මහකොමසාරිස්වරයා පැවසුවේය.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර පහළොවක් ගතවී ඇතත්, බරපතල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සඳහා රජය වගවීම අවහිර කර ඇති අතර, ගැටුම අතරතුර “අතුරුදහන් වූ” අයගේ පවුල් ආරක්ෂක හමුදා නිරීක්ෂණ, බිය ගැන්වීම්, අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන බව ටකර් පැවසුවේය. රජය “සත්‍යය සහ සංහිඳියාව” ක්‍රියාවලියක් අනුගමනය කරන බව ප්‍රකාශ කළද, ටර්ක් පැවසුවේ “විශ්වාසනීය සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් සඳහා පරිසරය තවමත්  රට තුළ නොපවතින ” බවය. එමෙන්ම මහකොමසාරිස්වරයා අවධාරණය කළේ  වගවීම් සඳහාවන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම  ශ්‍රී ලංකාව දැඩිව ප්‍රතික්ෂේප කිරීම ප්‍රතිසංධාන ක්‍රියාව අවතක්සේරු කිරීමක් බවය.

ශ්‍රී ලංකාවේ සිදුකරන ලද ජාත්‍යාන්තර අපරාධ සම්බන්ධයෙන්  චෝදනා ලැබ සිටින අපරාධකරුවන් සම්බන්ධව විමර්ශනය කිරීමට නඩු පැවරීමට සහ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට තව දුරටත් සම්බාධක පැනවීමට කටයුතු කරන ලෙස ද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා    සියලුම සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.

ඔහු ශ්‍රී ලංකා රජයට කීවේ යුක්තිය සහ ප්‍රතිසංධානය සම්බන්ධයෙන්  ලබා දුන් පොරොන්දු සුසංයෝගීව සහ කාල රාමුවකට යටත් සැලසුමකට පරිවර්තනය කරන ලෙස ය. ජාත්‍යාන්තර සහාය ලබා ගැනීමට තමන් ශ්‍රී ලංකාව දිරිමත් කරන බව ද මහකොමසාරිස්වරයා පැවසුවේය. එමෙන්ම ඔහු නීති සංශෝධන කීපයක අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

“ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වැදගත් පියවර” ගැනීම සම්බන්ධයෙන් රජයට ටර්ක් ගෞරවය පළ කළද, දරිද්‍රතා අනුපාතය සියයට 27.9 දක්වා ඉහළ ගොස් ඇති අතර, නිවාසවලින් තුනෙන් දෙකක් පමණ දැන් අර්බුදය  පෙරට වඩා නරක අතට හැරී ඇති බව කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිද්දෙණියෙන් සොයා ගන්නා ලද ද්‍රව්‍යවලින් “අයිස්” හම්බවුනා.. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති කියයි…

Next Post

මානව හිමිකම් උල්ලංඝණ හොයන්න ඉදිරිපත්වන ඕනෑම බාහිර මැදිහත්වීමක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනවා… විදේශ ඇමති එක්සත් ජාතීන්ට කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.