බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ඉන්දියානු ධජය යටතේ පැමිණි මැරයින්ගෙන් ගුටි කෑ ධීවරයින් කියන කතාව…

by editor
පෙබරවාරි 3, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද –

“මාව බෝට්ටුවේ විල් රූම් එක ඇතුළට  ගත්තා.  ඒ සමග  පිටිපස්සෙන් එක් අයෙකු එකපාරටම මාව  අල්ලා ගෙන පහර දුන්නා…”

ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් සිටියදි  ගැඹුරු මුහුදු තිරයේ දී කිසියම් පරිසකගේ පහරකෑමට ලක්වු  ධීවර කාර්මිකයකු වන ෂෙවාන් තිවංක  ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ දි  අපට කීවේය.

එතැන් සිට ඔහු කියන්නේ බිහිසුණු කතාවකි.

“29 වැනි දා  උදේ  6..30ට විතර ඇති… අපි අවදිවෙලා ඉන්න වේලාවේ  අපේ  බෝට්ටු දෙක ඉස්සරහට නැවක්  ආවා.   නැව දාලා බෝට්ටු දෙක හරස් කළා. බෝට්ටු  නතර කරන්න කිවා.  බෝට්ටු දෙක අපි නතර කළා.  අපි හිතුවේ නාවික හමුදාවෙන් කියලා. අපි බෝට්ටු දෙක  නතරකරගෙන හිටියා”.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“අපි ළඟට එනකොට දැක්කේ කුඩා බොට්ටුවල ඉන්දියන් කොඩිය ගහලා තිබුනා. ලංකාවේ මුහුදු තිරයේ ඉන්දියානු බෝට්ටුවක් තියෙන්න විදියක් නැහැ .  ඒ අය අපේ  බොට්ටුවලට නැගලා  බෝට්ටු පරික්ෂා කළා. ඊට පසු තව කට්ටිටක් බෝට්ටුවට නැග්ගා. මාව බෝට්ටුවේ විල් රූම් එක ඇතුළට ගත්තා.  ඉන්දියින් කථාකරපු අය අතරේ සිංහලෙන් කථා කරණ අයෙකුත් නැවේ හිටියා. මාව පිටිපස්සෙන් එක් අයෙක් අල්ලගෙන එකපාරටම අල්ලා  ගෙන පහරදුන්නා යැයි” . ෂෙවාන් තිවංක කිවේය.

පහර කෑමට ලක්ව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර  ලබමින් සිටි තවත් ධීවර කාර්මිකයකු ඒ සිද්ධිය විස්තර කරමින් මෙසේ කීවේය.

“දෙසැම්බර්   23 වැනිදින තමයි අපි රැකියාවට ගියේ. ජනවාරි 20 වැනිදා ගොඩබිමට එන්න පටන්ගත්තා. 29 වැනිදින තමයි   අපිව අල්ලාගත්තේ.  අපිව පරික්ෂා කරලා බෝට්ටුවේ විස්තර බැලුවා. ඉරාන බෝට්ටුවක් දැක්කාද කියලා ඇසුවා.  අපි කිවා දැක්කේ නැහැ කියලා. උඹලා  කුඩු ගහනවා  නේද කුඩු තියෙනවාද කියලා ඇසුවා. අපි ළග කිසිම දෙයක් නැහැ කියලා කිව්වා. නමුත්ඒ අය අපි කියපු කථාව පිළිගත්තේ නැහැ. සැටලයිට් දුරකථකයක් තියෙනවාද කියලා ඇහුවා. අපිට පහරදෙන්න ගත්තා. බිම දාගෙන ගහන්න ගත්තා.”     යැයි හෙතෙම කිවේය.

බහුදින යාත්‍රා  දෙකකින්   ධීවර රස්සාව සඳහා පිටත්ව ගොස් සිටි ධීවරයින් අතුරින් ධීවර කාර්මිකයින් සිව්දෙනෙකු   කිසියම්  පිරිසකගේ පහර කෑමට ලක්ව  ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. මෙම ධීවරකාර්මිකයින් ඉකුත් වර්ෂයේ (2025) දෙසැම්බර් මස 03 වැනිදින  වෙන්නප්පුව ධීවර වරායෙන්  ධීවර රස්සාව සඳහා පිටත්ව ගොස් තිබුණි.

මෙම ධීවරයින් පිරිස ජනාවාරි මස 29 වැනිදින ගැඹුරු මුහුදු තීරයේ හරහා නැවත ගොඩබිම වෙත පැමිණෙමින්  සිටියදී යාත්‍රාවකින් පැමිණි කණ්ඩායමක් විසින්  ධීවර කාර්මිකයින් සිටි බහුදින යාත්‍රාව පරික්ෂාකරමින් ධීවර කාර්මිකයින් හට පොලුවලින් හා  අතින් පයින් පහරදී ඇත.

පහරදිමෙන්  තුවාල ලැබු ධීවර කාර්මිකයින් සිව් දෙනෙකු  නාවික හමුදාව විසින් දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත රැගෙන විත් කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත්කොට ඇත. ධීවර කාර්මිකයින් සිව් දෙනා කරාපිටිය ජාතික රෝහලේ 58 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබති.

තුවාල ලබා ඇති ධීවර කාර්මිකයින්  වයස අවුරුදු 50,30,40, සහ 31වැනි වයස් කාණ්ඩවල පසුවන අයවෙති. තුවාල ලබා ඇත්තේ  වර්ණකුලසුරිය  සුරංග නිෂාල් පිරිස්, කුඩාමඩුවැල්ල, තුඩුවාව, ෂෙවාන් තිවංක මහැවව, මාරවිල වර්ණකුලසුරිය සුරේෂ් ප්‍රනාන්දු, කුඩාමඩුවැල්ල, තුඩුවාව, හබරා  බටුවත්තගේ ඉන්දික  මධුසංඛ ප්‍රනාන්දු, කුඩාමඩුවැල්ල, තුඩුවාව යන ප්‍රදේශවල  පදිංචිකරුවන්ය.

නියෝජ්‍ය ඇමති රත්න ගමගේ රෝහලට පැමිණෙයි…

ශ්‍රිලංකා නාවික හමුදාවට සහ විදේශිය කටයුතු අමාත්‍යංශයට  මේ පිළිබදව කඩිනමින් සොයාබලන ලෙස දැනුම් දි ඇති බැව් ධීවර හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ  පවසයි.

මෙම පහරදිම සිදුකොට ඇත්තේ මෙරට කණ්ඩායමක්ද  විදේශීය රටක කණ්ඩායමක්ද, නිල හා නොනිල කණ්ඩායමක්ද  යන්න පිළිබඳ  තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස  විදේශීය කටයුතු  අමාත්‍යංශය හා නාවික හමුදාව දැනුවත්කොට ඇති බවද හෙතෙම පවසයි.

පහරකෑමට ලක්වු  ධීවර කාර්මිකයින්ගේ තොරතුරු සොයාබැලීම සඳහා  නියෝජ්‍ය ඇමතිවරයා ගාල්ල කරාපිටිය ජාතික  රෝහලට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින්  මේ බව සදහන් කළේය.

මේ ලිපියත් කියවන්න…

ඉන්දීය වෙරළාරක්ෂකයින් ශ්‍රී ලංකා ධීවරයින්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව රජයේ දැඩි විරෝධය !

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය වෙරළාරක්ෂකයින් ශ්‍රී ලංකා ධීවරයින්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව රජයේ දැඩි විරෝධය !

Next Post

අපරාධ විමර්ශකයින් නාමල් – ශිරන්ති කැඳවා ඇත්තේ දේශපාලනික පළිගැනීමක ඉදිරි පියවරක් ලෙස ද?

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.