ටී.කේ.ජී.කපිල –
ශ්රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවාවන් හි පවතින නියමුවන්ගේ හිඟයට පිළියමක් වශයෙන් විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීම සඳහා අවසරය පතා ඇතැයි ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්රධාන විධායක නිලධාරී පී.ඒ. ජයකාන්ත පවසයි.
ශ්රී ලංකාවේ ගුවන් ක්ෂේත්රයේ ප්රවීණයන් , ගුවන් නියමුවන් මේ වනවිට වැල නොකැඩී විදේශ ගත වෙමින් පවතින බවත් , එයට හේතුව විදේශීය ගුවන් සේවා සමාගම් ඉහළ වැටුප් ගෙවමින් සිටින නිසා බවත් ඔහු පැවසීය.
එම වැටුප් , මේ රටේ ඔවුන්ට ගෙවන වැටුප් මෙන් පස් , හය ගුණයක් වැඩි බවත් , ඒ නිසා එම ගුවන් සේවා වෙත අපගේ ගුවන් නියමුවන්ගෙන් ලොකු ඉල්ලුමක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
සිවිල් ගුවන් සේවා ක්ෂේත්රය , පොදුවේ ලෝකයේ සියලුම එකම ආකාරයට ක්රියාත්මක වන අතර ,එනිසා අපගේ ශ්රී ලාංකික ගුවන් නියමුවන්ට තවත් වෙන රටක වැඩ කිරීම ගැටලුවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ලංකාදීප







