මහනුවර, ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව හිස් උණ්ඩ කොපු තිස්එකක් (31) ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා ඒවා ළඟ තබාගෙන ඇත්තේ පරණ යකඩවලට විකිණීමට යැයි සැකකකරුව විසින් ප්‍රකාශ ඇති බවත් අපරාධයක් සිදු කිරීමට කිසිදු හේතුවක් මෙතෙක් අනාවරණය කර ගෙන නැති බැවින් ඇප මත සැකකරුවන් දෙදෙනා මුදා හැර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ඊයේ (19) මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ශ්‍රී දළදා මාලිගාවේ කසළ රැගෙන යාමට පැමිණි ලොරි රථයක් ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම හිස් උණ්ඩ කොපු සොයාගත් බවයි.
ලොරි රථයේ වෙන වෙනම තබා තිබූ බෑගයක තිබී T56 අවි හිස් උණ්ඩ කොපු 31ක් ආරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකින් කසළ එකතු කරමින් සිටියදී හිස් උණ්ඩ කොපු තොගය සොයාගත් බව සැකකරුවන් දෙදෙනාගෙන් කළ විමසීමකදී හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එම හිස් උණ්ඩ කොපු මුදල් වෙනුවට පරණ යකඩවලට අලෙවි කළ හැකි බැවින් ඒවා පසෙකින් තබා ගත් බව සැකකරුවන් වන ලොරි රථ රියදුරා හා සහායකයා ප්‍රකාශ කර ඇත.
සිදුවීඹ සම්බන්ධයෙන් පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.







