කීර්ති ප්‍රනාන්දු –
පාන් සහ සෙසු බේකරි නිශ්පාදනවල මිල අද මාධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩුවන බව සමස්ථ ලංකා බේකරි නිශ්පාදකයින්ගේ සංගමය කියයි.
සමස්ථ ලංකා බේකරි හිිමියන්ගේ සංගමයේ විධායක සභාව අද (20) රැස් වී මෙම තීන්දුව ගනු ලැබුවේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ බවද එම සංගමය පවසයි. මින් පෙර ඔවුන් පෙන්වා දුන්නේ ප්‍රධාන පිටි සමාගම් දෙක වන ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් සමාගම් පිටි මිල සාධාරණ ලෙස අඩු නොකරන්නේ නම් බේකරි නිශ්පාදනවල මිල අඩු කළ නොහැකි බවය.
කෙසේ වෙතත් ඇමතිවරයා විසින් කළ ඉල්ලීම ඉවත දැමිය නොහැකි බැවැන් අද විධායක සභාව රැස් වී ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 10කින් මිල අඩු කිරීමටත්, . සෙසු බේකරි නිශ්පාදනවල මිලත් රුපියල් 10කින් අඩු කිරීමටත් තීන්දු කළ බව එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන ලංකාසරට පැවසීය.
“මිල අඩු කරන්න පුලුවන් තත්ත්වයක් නෑ. ඒත් අමාත්‍යවරයාගේ ඉල්ලීම සැලකිල්ලට අරන් මේක අපි කළේ. පිටි සමාගම්වලින් පිටි මිල අඩු කරලා වෙනත් අමුද්‍රව්‍යවල මිලත් අඩු කරලා දුන්නොත් පාරිභෝගියන්ට තවත් සහන සලසන්න පුලුවන්.” ඔහු කීවේය.