සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අක්‍රමිකතා සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න කෝප් කමිටුවෙන් අනු කමිටුවක්!

by editor
දෙසැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මූල්‍ය අක්‍රමිකතා,    ඉඩම් අවභාවිතය , මිලියන ගණනක ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය විනාශය,  ඇතුළු  ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ පවතින  අක්‍රමිකතා රැසක් සම්බන්ධව කටයුතු කිරීමට  කෝප් කමිටුවෙන් අනු කමි‍ටුවක් පත් කිරීමටත්    එම අනුකමි‍ටුව රෝහල් පරිශ්‍රයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමටත් ඊයේ (06) රැස් වූ කෝප් කමිටුව තීරණය කළේය.    

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සියලුම වැදගත් අංශ ආවරණය වෙන පරිදි විශේෂ විගණන වාර්තාවක් පිළියෙළ කරන ලෙස ද විගණකාධිපතිතුමාට කෝප් කමි‍ටුව විසින් දැනුම් දෙන ලදී.

රෝහලේ සියලුම කාර්ය මණ්ඩල ඇතුළත් වෙන ලෙසට සහ එහි කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සඳහා අනු කමි‍ටු කිහිපයක් පත් කර ඒවායේ සහය ලබා ගන්නා ලෙසට අධ්‍යක්ෂක මණ්ඩලය වෙත කෝප් කමි‍ටුවෙන් නිර්දේශ කෙරුණි.

2015 වර්ෂයේදී සර්වේ ජනරාල්වරයා විසින් රෝහලේ ඉඩම් ප්‍රමාණය මැනුම්ගතකොට තිබුණි. නමුත් එසේ තිබියදී පෞද්ගලික මිනුම්දෝරුවරයෙකු ලවා රෝහල් ඉඩම නැවත මිනුම්ගත කොට තිබුණි. එහිදී මිනුම්පතිවරයාගේ පිඹුර තිබියදී නැවත පෞද්ගලික මිනුම්දෝරුවරයෙක් ලවා මැනුම් කටයුතු සිදුකළේ කුමක් සඳහාද, ඒ සඳහා සම්බන්ධ වුණ නිලධාරීන් කවුරුන්ද යන්න නම් ගම් සහිතව සවිස්තරාත්මක වාර්තාවක් කෝප් කමි‍ටුවට ලබා දෙන ලෙස නීති නිලධාරිනියට කෝප් කමි‍ටුව විසින් නිර්දේශ කෙරුණි.

ස්නායු ශල්‍ය ඒකකය සඳහා රු මිලියන 4.2 ක් වියදම් කර මිලදී ගෙන තිබුණ ශල්‍ය ද්‍රව්‍ය වලින් 80% ක් කල් ඉකුත්වීමට වග කිව යුතු නිලධාරීන්ට ගනු ලබන පියවර සම්බන්ධයෙන් කෝප් කමි‍ටුව විසින් විමසා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කළ කමි‍ටුවකින් සිදු කළ පර්යේෂණ වාර්තාව මීට දින කිහිපයකට පෙර රෝහලට ලැබුණ බව රෝහල් නිලධාරීන් පවසා සිටියහ. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට කොප් කමි‍ටුවෙන් නිර්දේශ කරන ලද්දේ ඒ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදුකර සති 2 ක් තුළ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසටයි.

මෘදුකාංගයක් සඳහා රු මිලියන 1.8 ක් ද, ලේඛන ස්කෑන් කීරීම සහ අප්ලෝඩ් කිරීම සඳහා 2019 වර්ෂයේදී රු මිලියන 19.7 ක් ද වැය කර තිබීම සම්බන්ධයෙන් විගණන විමර්ෂණයට අදාලව පරීක්ෂණයක් සිදු කර සති 2 ක් තුළ එහි වාර්තාව කෝප් කමි‍ටුවට දන්වන ලෙසද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂකවරයා ඇතුළු කළමණාකාරීත්වයට නිර්දේශ කෙරුණි.

මාස 3 ක් ඇතුළත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පරීක්ෂා කිරීමට කෝප් කමි‍ටුව වෙත නැවත කැඳවීමට තීරණය විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන   ඉන්දික අනුරුද්ධ හේරත්,   ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  අනුර දිසානායක,   පාඨලී චම්පික රණවක,   ඉරාන් වික්‍රමරත්න,   නිමල් ලන්සා,  එස්. එම් .එම් මුෂාරෆ්,   ජගත් කුමාර සුමිත්‍රාරච්චි,   (මේජර්) සුදර්ශන දෙනිපිටිය,   උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,  නීතිඥ මධුර විතානගේ යන   මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එසේම විගණකාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,  ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා, අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලන නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අය වැයෙන් පසු එන කැබිනට් සංශෝධනයේ තනතුරු 14 වෙනුවෙන් 20කට වැඩි පිරිසක් පොරයක!

Next Post

යාපනයේ සරසවි සිසුවියන්ට බාහිර පුද්ගලයින්ගෙන් ලිංගික හිරිහැර… කෝපායි පොලිසියට පැමිණිල්ලක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.