මූල්‍ය අක්‍රමිකතා, ඉඩම් අවභාවිතය , මිලියන ගණනක ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය විනාශය, ඇතුළු ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ පවතින අක්‍රමිකතා රැසක් සම්බන්ධව කටයුතු කිරීමට කෝප් කමිටුවෙන් අනු කමිටුවක් පත් කිරීමටත් එම අනුකමිටුව රෝහල් පරිශ්‍රයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමටත් ඊයේ (06) රැස් වූ කෝප් කමිටුව තීරණය කළේය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සියලුම වැදගත් අංශ ආවරණය වෙන පරිදි විශේෂ විගණන වාර්තාවක් පිළියෙළ කරන ලෙස ද විගණකාධිපතිතුමාට කෝප් කමිටුව විසින් දැනුම් දෙන ලදී.
රෝහලේ සියලුම කාර්ය මණ්ඩල ඇතුළත් වෙන ලෙසට සහ එහි කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සඳහා අනු කමිටු කිහිපයක් පත් කර ඒවායේ සහය ලබා ගන්නා ලෙසට අධ්‍යක්ෂක මණ්ඩලය වෙත කෝප් කමිටුවෙන් නිර්දේශ කෙරුණි.
2015 වර්ෂයේදී සර්වේ ජනරාල්වරයා විසින් රෝහලේ ඉඩම් ප්‍රමාණය මැනුම්ගතකොට තිබුණි. නමුත් එසේ තිබියදී පෞද්ගලික මිනුම්දෝරුවරයෙකු ලවා රෝහල් ඉඩම නැවත මිනුම්ගත කොට තිබුණි. එහිදී මිනුම්පතිවරයාගේ පිඹුර තිබියදී නැවත පෞද්ගලික මිනුම්දෝරුවරයෙක් ලවා මැනුම් කටයුතු සිදුකළේ කුමක් සඳහාද, ඒ සඳහා සම්බන්ධ වුණ නිලධාරීන් කවුරුන්ද යන්න නම් ගම් සහිතව සවිස්තරාත්මක වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙස නීති නිලධාරිනියට කෝප් කමිටුව විසින් නිර්දේශ කෙරුණි.
ස්නායු ශල්‍ය ඒකකය සඳහා රු මිලියන 4.2 ක් වියදම් කර මිලදී ගෙන තිබුණ ශල්‍ය ද්‍රව්‍ය වලින් 80% ක් කල් ඉකුත්වීමට වග කිව යුතු නිලධාරීන්ට ගනු ලබන පියවර සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් විමසා සිටියේය.
එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කළ කමිටුවකින් සිදු කළ පර්යේෂණ වාර්තාව මීට දින කිහිපයකට පෙර රෝහලට ලැබුණ බව රෝහල් නිලධාරීන් පවසා සිටියහ. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට කොප් කමිටුවෙන් නිර්දේශ කරන ලද්දේ ඒ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදුකර සති 2 ක් තුළ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසටයි.
මෘදුකාංගයක් සඳහා රු මිලියන 1.8 ක් ද, ලේඛන ස්කෑන් කීරීම සහ අප්ලෝඩ් කිරීම සඳහා 2019 වර්ෂයේදී රු මිලියන 19.7 ක් ද වැය කර තිබීම සම්බන්ධයෙන් විගණන විමර්ෂණයට අදාලව පරීක්ෂණයක් සිදු කර සති 2 ක් තුළ එහි වාර්තාව කෝප් කමිටුවට දන්වන ලෙසද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂකවරයා ඇතුළු කළමණාකාරීත්වයට නිර්දේශ කෙරුණි.
මාස 3 ක් ඇතුළත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පරීක්ෂා කිරීමට කෝප් කමිටුව වෙත නැවත කැඳවීමට තීරණය විය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ හේරත්, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අනුර දිසානායක, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, නිමල් ලන්සා, එස්. එම් .එම් මුෂාරෆ්, ජගත් කුමාර සුමිත්‍රාරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, නීතිඥ මධුර විතානගේ යන මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එසේම විගණකාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා, අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලන නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.







