ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ තරැණියන් අතර වොලිබෝල් ක්‍රීඩාව වේගයෙන් ප්‍රචලිත වෙමින් පවතින බවත් අනෙකුත් තරග ඉසව්වල මෙන් ක්‍රීඩිකාවන් වොලිබෝල් ක්‍රීඩාවෙන්ද ඉහල දක්ෂතා අතරට පැමිණෙමින් ඇති බවත් වාර්තා වේ.
විවිධ තරඟාවලි සඳහා කාශ්මීරයේ ගැහැණු ළමයින් සූදානම් කිරීමේ අරමුණින්, අමීර් බාට් සහ මුනිර් අලාම් 2014 දී ඔවුන්ගේ එලයිට් වොලිබෝල් සමාජය ක්‍රීඩිකාවන් සඳහා විවෘත කළහ.
ක්‍රීඩාවේ පුරැෂාධිපත්‍යයට අභියෝග කිරීම සඳහා තම ක්‍රීඩා සමාජය ගැහැණු ළමයින් පුහුණු කිරීම ආරම්භ කළ බව මුනීර් පැවසීය.
2011 දී පිහිටුවන ලද එලයිට් වොලිබෝල් සමාජය කාශ්මීරයෙන් ජාතික මට්ටමේ වොලිබෝල් ක්‍රීඩකයින් ගණනාවක් බිහිකිරීම කිරීම සඳහා ප්‍රසිද්ධය.
දැනට බැරමුල්ලා, ගන්ඩර්බල්, ෂොපියන් වැනි විවිධ දිස්ත්‍රික්කවලට අයත් විවිධ වයස් කාණ්ඩවල ගැහැණු ළමයින් 32 ක් මෙම ක්‍රීඩා සමාජය සමඟ සම්බන්ධ වී සිටින බව සදහන් වේ.
මීට පෙර බාලිකා විද්‍යාල තරඟාවලි ක්‍රීඩා කිරීමෙන් පසු තරැණියන්ට ක්‍රීඩා කිරීමට විකල්පයක් නොතිබූ බවත්, එබැවින් ක්‍රීඩාවේ තවත් ඉදිරියට යාමට මෙම ක්‍රීඩා සමාජය වේදිකාවක් සපයන බවත් මුනීර් වැඩිදුරටත් පැවසීය.







