බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

“වඳුරු උණ“ යනු කුමක් ද?. මහාචාර්ය චන්දිම ජීවන්දර  පැහැදිලි කරයි!

by editor
ජූනි 4, 2022
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

මේ දිනවල බොහෝ කතාබහට ලක් ව ඇති “වඳුරු උණ” බෝවන රෝගයකි. මෙම රෝගය ආසාදිත වූවන් නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිත මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල්වන කොංගෝ, කැමරූන්, ගැබෝන්ලයිබීරියා, නයිජීරියා, සියරාලියොන් වැනි රටවලින් වාර්තා වේ. අප්‍රිකාවෙන් පිටත වඳුරු උණ රෝගීන් වාර්තා වී ඇත්තේ බොහෝ විට අප්‍රිකානු රටවලට සංචාරය කරන ලද පුද්ගලයන්ගෙනි. .මෑතකදී නයිජීරියාවට ගොස් ආ එංගලන්ත වැසියෙකුට වෛරසය වැළඳී ඇති බව හඳුනා ගැනීමෙන් පසු එක්සත් රාජධානියේ දෙවන වඳුරු උණ රෝගියා වාර්තා විය. ලෝකයම අලුත් වටයකින් වඳුරු උණ ගැන කතා කරන්නට ගත්තේ ඉන් පසුවය.

කොවිඩ් වෛරසයෙන් ඕනෑවටත් වඩා බැට කෑ මිනිස්සුය. ගිනි පෙණෙල්ලෙන් බැට කෑ ඇත්තන් කණාමැදිරි එළියටත් බය ය.  වඳුරු උණ ලංකාවටත් එයිද?.මිනිස්සු ඇසූහ. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර  සමග කළ කතා බහ පෙළ ගැසෙන්නේ  මෙසේ ය.

මහාචාර්ය චන්දිම ජීවන්දර
  • වඳුරු උණ බෝවන රෝගයක් ද……?

“ ඔව්. වඳුරු උණ වෛරසය මගින් ඇති කරන වඳුරු උණ රෝගය සතුන් මගින් මිනිසුන් වෙත  ඇති කරනු ලබන බෝවන වෛරස රෝගයක්. එය සතෙකුගෙන් මිනිසෙකුටත්, මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුටත් බෝවීමේ හැකියාව තිබෙනවා. මෙම රෝගය අලුතින් හමුවූ රෝගයක් නෙවෙයි. නමුත් මෙය ආවේණික කලාපවලින් බැහැර වෙනත් ප්‍රදේශවලින් හමුවීම නිසා මේ පිළිබඳ අලුතෙන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා.” 

  • මෙම රෝගය ‘වඳුරු උණ’ යනුවෙන් හඳුන්වන්නේ ඇයි…….? 

“මෙම රෝගය වඳුරන්ගෙන් බෝවන රෝගයක් නෙවෙයි. නමුත් එය පළමුව වඳුරකුගෙන් හමුවීම නැතහොත් හඳුනා ගැනීම නිසා එයට වඳුරු උණ කියා කියනවා.”

  • වඳුරු උණ රෝගය සතුන්ගෙන් මිනිසුන්ට බෝ වීම සිදුවිය හැක්කේ කෙසේ ද…?

“වඳුරු උණ වෛරසය සතෙකුගෙන් මිනිසකුට බෝවිය හැක්කේ බොහෝ විට ආසාදිත සතෙකු සිදු කරන සපා කෑමක් හෝ සිරීමකිනුයි. ඒ වගේ ම දඩයම් කරන ලද ආසාදිත සතුන් ස්පර්ශ කිරීමෙනුත් මෙම රෝගය කෙනෙකුට බෝවීම විය හැකි යි.”

  • වඳුරු උණ පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට  පැතිරෙන්නේ කෙසේද…?

“වඳුරු උණ ආසාදිත පුද්ගලයෙකුගෙන් රෝග ලක්ෂණ පවතින කාලය ඇතුළත වෙනත් පුද්ගලයෙකුට රෝගය බෝ වීමේ හැකියාව තිබෙනවා. (සාමාන්‍යයෙන් සති 2ක් 4ක්  කාලය ඇතුළත) ආසාදිත පුද්ගලයෙක් සමග සිදු කරන සමීප ඇසුරක් මගින් රෝගය බෝවිය හැකියි. විශේෂයෙන් දක්වනවා නම් සිප වැළඳ ගැනීම්වලදී, ලිංගික ක්‍රියාකාරකම්වලදී, ආසාදිත පුද්ගලයාගේ සමේ ඇති තුවාල අනෙක් පුද්ගලයාට ස්පර්ශ වීමේදී වඳුරු උණ රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවිය හැකි යි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ආසාදිත පුද්ගලයෙකුගේ ශරීරයේ බිබිලි ශරීර තරල සහ තුවාල කබොලු මගින් රෝගය වෙනත් පුද්ගලයෙකුට පැතිරීම සිදුවිය හැකියි. එමෙන් ම රෝගී පුද්ගලයා භාවිත කළ ඇඳුම් ඇඳ ඇතිරිලි තුවා සහ පිඟන් කෝප්ප වැනි දේ මගින් ද තවත් කෙනකුට රෝගය බෝ විය හැකියි. ආසාදිත පුද්ගලයෙකුගේ මුඛයේ තුවාල තිබීමෙන් එම රෝගියා ආහාරයට ගනිමින් සිටි යමක් වෙනත් කෙනෙක් ආහාරයට ගැනීම මගිනුත් රෝගය බෝ විය හැකියි. එයින් අදහස් කරන්නේ රෝගියෙකුගේ කෙළ මගින් රෝගය බෝ වන බවයි. 

ආසාදිත පුද්ගලයෙකු සමග බොහෝ වේලා මුහුණට මුහුණ ළං ව සිටීමේ දී ආශ්වාස තරල මගින් රෝගය බෝවීම සිදු වෙනවා. ආසාදිත පුද්ගලයෙක් සමග සමීප ව සම්බන්ධ වන පුද්ගලයින් වන පවුලේ උදවිය, සෞඛ්‍ය සේවකයින් සහ ලිංගික සහකරුවන්, සහකාරියන් රෝගය බෝවීමට වැඩි අවදානමකට ලක්වන පිරිසයි.”

  • වඳුරු උණ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද

“බහුලව ම දක්නට ලැබෙන රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, මස්පිඩු වේදනාව, කොන්දේ කැක්කුම, ශරීරයේ අප්‍රාණික ගතිය, වසා ගැටිති ඉදිමීම සහ සම මතුපිට බිබිලි ඇති වීමයි. උණ ඇතිවී දවස් එකත් තුනත් ඇතුළත රෝගියාගේ සම මත බිබිලි දක්නට ලැබෙනවා. එම බිබිලි පළමුව මුහුණේ ඇතිවී පසුව ශරීරයේ අනෙක් තැන්වලට පැතිරී යනවා. මෙම බිබිලි බොහෝ විට පළමුව වතුර බිබිලි ලෙස දක්නට ලැබෙනවා. පසුව සැරව බිබිලි බවට පත් වෙනවා. අනතුරු ව වියලී කබොල්ලක් බවට හැරී සිරුරෙන් හැලී යනවා.

 යම් රෝගියෙකුට ඇති වන බිබිලි ප්‍රමාණය බිබිලි කිහිපයක සිට දහස් ගණනක් දක්වා වෙනස් විය හැකියි. මුහුණ, යටි පතුල්, මුඛය සහ ලිංගාශ්‍රිත ප්‍රදේශවල පවා මෙම බිබිලි ඇතිවිය හැකි යි. මෙම රෝග ලක්ෂණ සති දෙකක් හතරක් පමණ කාලයක් පැවතී ඉබේ ම පහ වී යනවා.”බොහෝ ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ සති කිහිපයක් තුළ ඉබේ ම පහව යන නමුත් කලාතුරකින් යම් පුද්ගලයන්ට සංකූලතා සහ මරණය පවා ඇති විය හැකියි.”

  • වඳුරු උණ රෝගයේ සංකූලතා සහ මාරාන්තික අවදානම වැඩිපුර බලපාන්නේ කුමන වයස් කාණ්ඩවල අයට ද….?

“අලුත උපන් දරුවන්, කුඩා ළමයි සහ ප්‍රතිශක්තිකරණ ඌණතා ඇති පුද්ගලයින් මෙම රෝගයට ගොදුරු වුවහොත් සෙසු අයට සාපේක්ෂ ව යම් අවදානමක් ඒ අයට තියෙනවා.” 

  • වඳුරු උණ රෝගයේ දරුණු ගණයේ සංකූලතා මොනවා ද…,

“සමේ ඇති වන ආසාදන නිව්මෝනියාව සහ ඇස්වල පෙනීම පවා නැති කළ හැකි තරම් දුරදිග යා හැකියි. ඒ හා සමාන අක්ෂි ආසාදන ඇතිවිය හැකියි. මෙතෙක් කල් වාර්තාගත රෝගීන්ගෙන් සියයට තුනත් හයත් අතර ප්‍රමාණයක් මෙම රෝගයෙන් මරණයට පත්වී තිබෙනවා. ඔවුන් බොහෝ විට කුඩා දරුවන් සහ වෙනත් රෝගී තත්ත්වවලින් පෙළෙන අය වීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි.”

  • අලුත උපදින දරුවන්ට මෙහි ඇති බලපෑම කෙබඳු ද…?

“ආසාදිත ගර්භනී මවකගෙන් වැදෑමහ හරහා කළලයට ද, දරුවකු බිහි කළ පසු ආසාදිත මවකගෙන් දරුවෙකුට ද සම හරහා ස්පර්ශය මඟින් අලුත උපන් ළදරුවාට ද බෝවීමේ හැකියාව ඇත.”

  • මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළයුතු පිළිවෙත් මොනවා ද….?

“සතුන් මගින් වඳුරු උණ බෝවීම වැළැක්වීම සඳහා අනාරක්ෂිත ව ආසාදිත හෝ මරණයට පත් සතුන් ඇල්ලීම සිදු කිරීමෙන් වැළකිය යුතුයි. එමෙන් ම වඳුරු උණ ආවේණික රටවලදී සතුන්ගේ මස් ආහාරයට ගැනීමට පෙර හොඳින් පිස ගැනීම සිදුකළ යුතු යි. වසූරිය රෝගය සඳහා එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින් සඳහා යම්තාක් දුරකට මෙම රෝගයෙන් ආරක්ෂාවක් තිබෙනවා. නමුත් 1980 වසර වනවිට වසූරිය රෝගය ලෝකයෙන් තුරන් වූ බැවින් අද සිටින බොහෝ තරුණ පුද්ගලයින් වසූරිය සඳහා එන්නත්කරණයට ලක්වන්නේ නැහැ.

වසූරියට එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින් හට යම්තාක් දුරට ආරක්ෂාවක් තිබුණත් ඔවුන් වඳුරු උණෙන් වැළකීම සඳහා ගත යුතු ආරක්ෂක පියවර ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේ ම වඳුරු උණ වෛරසය රැගෙන යා හැකි යැයි සැක කළ හැකි සතුන් (රෝගී හෝ මරණයට පත් වූ සතුන් ද ඇතුළුව) සමග ගැටීම අවම කළ යුතු වෙනවා. වඳුරු උණ ආසාදිත පුද්ගලයින් සමග සම්බන්ධතා අවම කිරීම මගින් බෝ වීම වැළැක්විය හැකයි. නමුත් සෞඛ්‍ය සේවකයෙක් නම් හෝ ආසාදිත පුද්ගලයෙක් සමග එකට ජීවත් වන්නේ නම් ආසාදිත පුද්ගලයාට හැකිතාක් දුරට හුදෙකලාව සිටීමටත් ඔහුගේ හෝ ඇයගේ තුවාල ආවරණය කර ගැනීමටත් උනන්දු කරවිය යුතුයි. ඔබ ඔවුන්ට ශාරීරික ව සමීපව සිටින විට හැම විට ම ආසාදිත පුද්ගලයා මුව ආවරණයක් පැළඳ සිටිය යුතුයි. ඔවුන්ට කැස්ස හෝ මුඛයේ තුවාල ආදිය තිබේ නම් මුඛ ආවරණයක් පැළඳීමට අවශ්‍ය යි.  

එමෙන් ම හැකි සෑම විට ම සමත් සමග සම්බන්ධ වීමෙන් වැළකිය යුතුයි. එමෙන් ම තුවාල සමග ගැටීමට සිදුවේ නම් සැමවිට ම ඉවත දැමිය හැකි අත් වැසුම් පාවිච්චි  කළ යුතුයි. ආසාදිත පුද්ගලයාට ඇඳුම් ඇඳ ඇතිරිලි මාරු කිරීම සඳහා උදව් අවශ්‍ය වේ නම් ඒ සෑම විටම මුව ආවරණයක්පැළඳඔවුන්ට උදව් කිරීම සිදුවේ කළ යුතුය. ආසාදිත පුද්ගලයා සමඟ හෝ ඔවුන්ගේ ඇඳුම් ඇඳ ඇතිරිලි තුවා සහ ඔවුන් ස්පර්ශ කළ වෙනත් භාණ්ඩ හෝ ඔවුන්ගේ ශ්වසන ශ්‍රාව,තුවාල ආදියෙන් පැවරී ඇති භාණ්ඩ ඔබ විසින් ස්පර්ශ කිරීමට සිදුවූයේ නම් ඉන් පසුව සැමවිට ම සබන් යොදා අත් සේදීම හෝ alcohol අඩංගු දියරක් භාවිතයෙන් දෑත් පිරිසිදු කිරීම සිදු කළ යුතුයි.  

ආසාදිත පුද්ගලයා භාවිත කළ ඇඳුම් තුවා ඇඳ ඇතිරිලි සහ ආහාර පාන ගැනීමට භාවිත කළ භාජන සේදුම් දියරයක් භාවිතයෙන් උණුසුම් ජලය යොදා සේදීම සිදු කළ යුතුය. ආසාදිත පුද්ගලයා සමග ගැටුණු මතුපිට විෂබීජහරණය කර (දූෂිත අපද්‍රව්‍ය තුවාල වෙලුම් වැනි) දේ නිසි පරිදි බැහැර කළ යුතු වෙනවා.”

වඳුරු උණ බෝ කරන වෛරසයේ ස්වරූපය….
  • වඳුරු උණ රෝග ලක්ෂණ තිබේ නම් කළයුතු වන්නේ කුමක් ද…?

“වහා ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා යොමු විය යුතුයි. හැකියාවක් තිබේ නම් ස්වයං නිරෝධායනය වී අන් අය සමඟ ආශ්‍රයෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. ඉහත සඳහන් කළ පරිදි නිතිපතා දෑත් පිරිසිදු කිරීම සහ අනෙකුත් ආරක්ෂක පියවර ගැනීම මගින් අන් අයට බෝ වීම වළක්වා ගත හැකියි. වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර රෝගය වැළඳී ඇතැයි තහවුරු වුවහොත් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය යි.”

  • වඳුරු උණ සඳහාප්‍රතිකාරයක් තිබේද…?

“වඳුරු උණ බොහෝ අවස්ථාවල ප්‍රතිකාරයක් නොමැතිව ඉබේ ම සුව අතට පත්වෙනවා. රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කිරීම සුදුසු වෙනවා. ශරීරයේ ඇති වන බිබිලි වියලී යාමට ඉඩහැරීම ඉතා වැදගත්. 

එමෙන් ම මුඛයේ සහ ඇස්වල ඇතිවන තුවාල අතගෑමෙන් වැළකිය යුතුයි. කෝටිසෝන් අඩංගු නොවන මුඛය සෝදන දියර සහ ඇස්වලට යොදන බිංදු මගින් යම් සහනයක් ලබාගත හැකියි. එසේ ම වසූරිය සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිත වන Virus නාශක ප්‍රතිකාරයක් 2022 ජනවාරි මස සිට වඳුරු උණ සඳහා භාවිතයට අනුමත වී තිබෙනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වොලිබෝල් කාශ්මීර කාන්තාවන් ආකර්ෂණය කරගනී

Next Post

නව කෘෂිකර්ම ඇමතිටත් ජනතා විරෝධය… පස්ස දොරින් පැන යයි!

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.