සාමාන්‍ය වෙළෙඳපොළට වඩා අඩු මිලට අලෙවි කරන සහල් කහ කුඩු වැනි භාණ්ඩවලින් එක් භාණ්ඩයක් පමණක් මිලදී ගැනීමට සතොස තුළ ඉඩ ලබා නොදෙන බවත් එවැනි දුව්‍ය මිලදී ගන්නේ නම් අනිවාර්යයෙන්ම තවත් එක් වෙනත් අයිතමයක් හෝ මිලට ගත යුතු බවටත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳව මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා අඩු මිලට පවතින භාණ්ඩ ටිකෙන් ටික කළු කඩ වෙළෙඳුන් විසින් සතොස මඟින් මිල දී ගෙන පිටත වැඩි මිලට විකුණන් බැවින් එම පියවර අවම කිරීම සඳහා මෙලෙස අලෙවි සීමා පනවා ඇති බව සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ අපි සතොස මඟින් නාඩු සහල් ලබා දෙන්නේ කිව්වෙ කිලෝ එක රුපියල් 105ට. සම්බා කිලෝවක් රුපියල් 128යි. බාහිර වෙළෙඳුන් කරන්නේ කිහිප වරකට කිලෝ 10 බැගින් සතොස් සහල් අරන් ගිහින් පිටත වැඩි මිලට විකුණනවා.
අපි කහ කුඩු ග්‍රෑම් 100ක් සතොස මඟින් ලබා දෙන්නේ අඩු මිලකට. එය අරන් ගිහින් වැඩි මිලට විකුණනවා. මේවා වැළැක්වීමට නම් අපට යම් ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා. ඒ නිසයි මෙවැනි අඩු මිල භාණ්ඩ තනි භාණ්ඩයක් ලෙස අපි සතොස ආයතනය තුළ විකුණන්නේ නැත්තේ“







