මේ වන විට ඉන්දියාවට ගොස් සිටින ශ්‍රීලංකා විස්සයි 20 ජාතික කණ්ඩායමේ සංචිතයට ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර තිබේ.
කුසල් මෙන්ඩිස් හා මහීෂ් තීක්ෂණ ආවරණය සඳහා මෙසේ නම් කර ඇත්තේ විනය හේතූන් මත ක්‍රිකට් තහනමකට ලක් කර සිටි 28 හැවිරිදි කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ 30 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ය.
දික්වැල්ල සහ ධනංජය ඊයේ ලක්නව් වෙත ගොඩ බැස තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සහ විස්සයි 20 කණ්ඩායම දැනට නවාතැන් ගෙන සිටින හෝටලයේ දින දෙකක නිරෝධායනයකට ලක් කර ඇත.
මාර්තු 4-8 දක්වා මොහාලිහිදී සහ මාර්තු 12-16 දක්වා බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා ද ඔවුන් දෙදෙනා සහභාගී වීමට නියමිතය.







