විශ්‍රාමිකයන් සඳහා අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබාදීම පුළුල් කිරීම සඳහා පසුගියදා නිකුත් කරන ලද චක්‍රලේඛය සමාජය තුළ මතුව ඇති විරෝධතා හේතුවෙන් යළි දැනුම් දෙන තෙක් තාවකාලිකව අත්හිටුවන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාතාංශ ලේකම්වරයා දැනුම් දෙයි.
2016.01.01 දිනට පෙර විශ්‍රාම ලැබූ චිශ්‍රාමිකයන් සඳහා මෙන්ම වයස 70ට වැඩි විශ්‍රාමිකයන් සඳහා විශේෂ සහන ලබා දීම අරමුණු කර ගනිමින් 2021.10.29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2005 (VIII) මෙලෙස නිකුත් කර තිබුණි.
මතුවු විරෝධතා පිළිබඳව සලකා බලා අදාළ සියලු පාර්ශ්වයන් සමඟ නැවත සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා තෙක් උක්ත චක්‍රලේඛ විධිවිධාන ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන බවට ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තූ ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දන්වා තිබේ.







