සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විලි ලජ්ජයි… සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත පටිපාටි බිඳ දමා ජපුර රෝහල් සභාපති කාසල් රෝහලේ නේවාසික ප්‍රසව හා නාරිවේද විශේෂඥයා ලෙසත් පත් කරයි…

by editor
දෙසැම්බර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති ධූරයට ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් පත් කරනු ලැබූ ප්‍රබල මාලිමා හිතවාදියෙක්වන ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ග තිලකරත්න ජයවර්ධනපුර රෝහලේ සභාපති ධූරයට අමතරව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා ලෙස පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්මත පටිපාටිය පමණක් නොව සදාචාරය ද අමු අමුවේ උල්ලංඝණය කිරීමක් ජයවර්ධනපු රෝහල් ආරංචි මාර්ග පවසයි.

මීට පෙර ඇල්පිටිය මූලික රෝහලේ සේවය කරමින් සිටි මෙම විශේෂඥ වෛද්‍යවරයා 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය විසිනි. ඔහු පරිපාලන අත්දැකීම් සහිත හෝ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් නොවන බව ද පැවසේ.

විශේෂඥ වෛද්‍ය ජයන්ග තිලකරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ධූරයට පත්කර එවන්නේ වසර තුනක් සඳහා එම රාජකාරිය සම්පූර්ණ කිරීමටය. ඔහු වෙනුවට ඇල්පිටිය මූලික රෝහල වෙත වැඩබලන විශේෂඥ වෛද්‍යවරයෙකුද පත් කර යවා තිබිණි.

එසේ තිබිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය කාසල් රෝහලේ නේවාසික ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යව තනතුර පුරප්පාඩු වූ වහාම එම තනතුරට ඔහුව පත් කරනු ලබන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව බව වාර්තා වේ.

රටේ පවතින නීතියට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව අර්ධ රාජ්‍ය හෝ රජයේ රෝහලක පත්වීමක් ලබා දිය නොහැකිය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

එමෙන්ම මේ අත්තනෝමතික පත්වීම සිදුකර ඇත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලේඛනය උල්ලංඝනය කරමින් එම තනතුරට පත්වීමට සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ අවස්ථාව ද අහිමි කරමින් බව වෛද්‍යවරු කියති.

සම්ප්‍රදාය සහ නිශ්චිත ක්‍රමවේද උල්ලංඝණය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය නොතකා සෞඛ්‍ය අමාත්‍යාංශය හැසිරෙන බවත් ජාතික ජන බලවේග රජයක් යටතේ මෙවැනි හැසිරිමක් වෛද්‍යවරයෙක් ද වන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් හෝ ජනාධිපතිවරයා විසින් පත් කළ සෞඛ්‍ය ලේකම්ගෙන් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් ලංකාසරට අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් පැවසූහ.

මේ සම්බන්ධව විමසීමට අමාත්‍යංශ ලේකම් අනිල් ජයසිංහත්, කාසල් රෝහලේ අධ්‍යක්ෂවරයාත් සම්බන්ධ කරගැනීමට ලංකාසර කළ උත්සාහය ව්‍යර්ථ විය.

මේ ලිපියත් බලන්න…

මණ්ඩලය කචල් කළ ජයවර්ධනපුර රෝහලේ කතාව… ජයවර්ධනපුර රෝහල ආණ්ඩුවේ ඉදිරිගමන ගැන නිමිත්තක් ද?… 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවැනි විස්සයි 20 තරගය අද…

Next Post

පළවෙනි මැච් එක පූජා කළා… දෙවැනි මැච් එකේ කොඳු කැඩෙන්න කෑවා… මැච් ලකුණු 45කින් පරාදයි… තරගයක් ඉතිරි වී තිබෙද්දී තරගාවලියම පරාදයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.