සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළවෙනි මැච් එක පූජා කළා… දෙවැනි මැච් එකේ කොඳු කැඩෙන්න කෑවා… මැච් ලකුණු 45කින් පරාදයි… තරගයක් ඉතිරි වී තිබෙද්දී තරගාවලියම පරාදයි!

by editor
දෙසැම්බර් 30, 2024
in පුවත්
ජාකොබ් ඩුෆී සිය විස්සයි 20 ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය...

ජාකොබ් ඩුෆී සිය විස්සයි 20 ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය...

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

දුක හිතෙන තාලෙට දෙවැනි තරගයත් පරාදය. පළවෙනි තරගය අතේ තියන එක දුන්නේය. දෙවැනි තරගය ඔවුන් අපට අත හැරී කැරකිලා වැටෙන්නටම දුන්නේය. දැන් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබෙද්දී අප තරගාවලිය පරාදය.

මවුන්ට් මන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවති තරගය මේ සැරේ අප පරදින්නේ ලකුණු 45කින් පරාදය. කුඹුරු වගේ පිච් හදාගෙන ගෙදරට එන උන්ට හතර අතේ නෙළුවත් පිටරටකට ගිහින් මැච් එකක් දිනාගෙන පැමිණීම ස්වීප් එකක් ඇදෙනාව වගේ විරල වීම නම් මහා දුකක් උපදවනනේය.

මුල් තරගයේ මෙන්ම කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. මුල් තරගයේ වගේම අප පන්දු යැවීම තේරුවේය. ඒ තේරීම නවසීලන්ත කණ්ඩාය තේරුමක් නැති තේරීමක් කළ ආකාරය දුටුවෙමු.

ආරම්භක පිතිකරු ටිම් රොබින්සනි් පන්දු 34ක දී 41කි. මාර්ක් චැප්මන් පන්දු 29ක දී ලකුණු 42කි. චැප්මන් සහ රොබින්සන් අතර දෙවැනි කඩුල්ල සඳහා සම්බන්ධතාවය ලකුණු 69කි. ග්ලෙන් පිලිප්ස් පන්දු 16ක දෟ ලකුණු 23කි. 6 වැනි ක්‍රීඩකයා ලෙස පිටියට එන මිචෙල් හායි පන්දු පැලුවේය. පන්දු 19කට ලකුණු 41කි.

පැතුම්… ඉනිමේ දුටුව එකම විශ්වාසනීය පිතිකරණය…

පන්දු යැවීමේදී වයිඩ් පන්දු 8ක් යවා තිබිණි. ඒ කියන්නේ ඕවරයකුත් පන්දු දෙකක් වැඩිපුර යවා තිබිණි. මුලු අතිරේක ලකුණු ප්‍රමාණය ලකුණු 15කි.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

වනිඳු හසරංග ලකුණු 28ට කඩුළු 02ක්, මතීෂ පතිරණ ලකුණු 37ට කඩුල්ලක්, නුවන් තුෂාර ලකුණු 25ට කඩුල්ලක් ලැබුවේය. නවසීලන්ත ඉලක්කය විස්සයි 20 තරගයක ජයග්‍රහණයක් සහතික කළ හැකි ලකුණු 186කි. ජයග්‍රහණයට ලකුණු 187ක් ලබා ගත යුතුය.

එහෙත් මේ තරයේදීත් බලාපොරොත්තු සහගත විශ්වාසයෙන් යුතුව ක්‍රීඩා කළේ පැතුම් නිශ්ශංක පමණි. පැතුම් පන්දු 28ක් තුළ හතරේ පහර 3ක් හයේ පහර 2ක් සහිතව ලකුණු 37ක් ලැබුවේය. ඒ පිතිකරණයේ විශ්වාසනීය පරිණතියක් තිබිණි. කුසල් පෙරේරා පන්දු 35ක් තුළ ලකුණු 48ක් ලැබුවා සැබෑය. නමුත් ඔහුගේ උඩ පන්දු දෙකක් පිටියේ දී ගිලිහී ගියේය. එක් දුවා ගැනීමේ අවස්ථාවක් ගිලිහුනේය. කුසල් පන්දුව කඩුල්ලේ වැදී දැවී යන්නේ හතරවැනි අවස්ථාවේ දීය. අද කුසල් පෙරේරාගේ දවස වුවද කුසල්ගේ වාසනාව පලක් කණ්ඩායමට පලක් වූයේ නැත.

කුසල් ජනිත්…

චරිත් අසලංකගේ ලකුණු 20 හැරුණ විට අනෙක් එකෙක්වත් ලකුණු 10කට වඩා ගහන්නේ නැතිව දැවී ගියේය. කුසල් මෙන්ඩිස් 10කි. කමිඳු මෙන්ඩිස් 07කි. අවිශ්ක ප්‍රනාන්දු 05කික. වනිඳු හසරංග 01කි. මහීෂ් තීක්ෂණ ලකුණු ලබා ගත්තේ නැත. සියල්ලන්ම පන්දු ඕවර 19.1 දී දැවී යන්නේය. ඒ ලකුණු 141කට ය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ඉනිම කුඩු කළ ජාකොබ් ඩුෆී තමන්ගේ විස්සයි 20 අන්තර්ජාතික තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඒ පන්දු ඕවර 4 යවා ලකුණු 15කට කඩුළු 04ක් ලබා ගනිමිනි. මැට් හෙන්රි ලකුණු 31ට කඩුළු 2කි. මිචෙල් සැන්ට්නර් ලකුණු 22ට කඩුළු 2කි. මයිකල් බ්‍රෙස්වෙල් ලකුණු 30කට කඩුල්ලක්, සකාරි ෆොල්කස් ලකුණු 27කට කඩුල්ලක් ලැබුවේය.

තරගයේ තුන් ඉරියවු ගෞරවයම නවසීලන්තයටය. විලි ලජ්ජාව බේරාගන්නට ගහන තරගාවලියේ අවසන් තරගය දෙස අප බලාගෙන ඉන්නේ හිත හදාගන්නටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විලි ලජ්ජයි… සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත පටිපාටි බිඳ දමා ජපුර රෝහල් සභාපති කාසල් රෝහලේ නේවාසික ප්‍රසව හා නාරිවේද විශේෂඥයා ලෙසත් පත් කරයි…

Next Post

මාදුරු ඔය- වස්ගමුව අලි කොරිඩෝව අවහිර කරමින් වගාකරන දේශපාලන හෙංචයියන්ගේ සියලුම වගා මාස 03න් ඉවතට…

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.