බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මණ්ඩලය කචල් කළ ජයවර්ධනපුර රෝහලේ කතාව… ජයවර්ධනපුර රෝහල ආණ්ඩුවේ ඉදිරිගමන ගැන නිමිත්තක් ද?… 

by editor
දෙසැම්බර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල්  කහටපිටිය –

  • ජයවර්ධනපුර රෝහලේ දරුවාගේ මරණය සිදුවන්නේ නොසැලකිලිමත්කම නිසා බවට තහවුරුවන තොරතුරු රැසක්…

  • වෛද්‍යවරු ඇතුළේ ඇණකොටා ගන්නා මට්ටමක… රෝගියෙකුගේ වකුගඩු දෙකම ගලවා දමා සැත්කම ප්‍රතික්ෂේප කළ කුප්‍රකට වකුගඩු දොස්තර ගැනත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නෑ…

  • රුධිර කාන්දු පෙරණ ඒකකය වසා දමලා… විෂබීජයක් ගොස් ඇතිදැයි සැකයක්… කියන කිසිම දේකට ඉහළ දේශපාලන අධිකාරියේ සිට කිසිවෙක් ඇහුම්කන් දෙන්නෙ නෑ….

  • කොයි වෙලේ බැලුවත් රෝහලේ  සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරු මාලිමා වෘත්තීය සමිති නායක විදුලි කාර්මිකයාගේ කාමරයේ… රෝහල් සේවකයෝ කියති…  

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය නිසි ක්‍රමවේදයට පත් කර නොමැති වීම ඇතුළු කරුණු ගණනාවක් නිසා  රෝහල් කටයුතු මේ වන විට අයාලයේ යමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සම්මත පටිපාටියට අනුව ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා   විෂයභාර අමාත්‍යවරයා විසින් සාමජිකයන් 8 දෙනෙකුගෙන් සැදුම්ලත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කළ යුතුය. මේ අනුව සභාපතිවරයා,  අමාත්‍යංශයේ නියෝජිතයෙක්, මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙක්  රෝහලේ සාමජිකයින් අතරින් තෝරා ගනු ලබන  පුද්ගලයින් තිදෙනෙක්, සිය වෘත්තියෙලා විශිෂ්ඨ සේවාවන් කර ඇති පුද්ගලයින් දෙදෙනෙකුගෙන්   රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලට සමන්විය විය යුතුය. ඒ  බව 1983 අංක 54 දරණ  ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා  මණ්ඩල පනත මගින් නීතියක් ලෙස තහවුරු කර තිබේ.

එහෙත් රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය  මේ වන විට මෙම පනතට පටහැනිව කටයුතු කරන ආකාරය ගැන  වාර්තා වෙමින් ඇත.  

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමත පත්වීම්  වෛද්‍යවරුන් තිදෙදෙනෙක් එම කොමිෂන් සභාවට නොදන්වා, නිසි අනුමැතියකින් තොරව ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩල  වෙත පත් කර තිබේ. සභාපතිවරයා ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. අගමැති තුමිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවූ වකවානුවේ දී මෙම විශේෂඥ වෛද්‍යවරයා රෝහල් සභාපති තනතුර වෙත නම් කර තිබිණි. කෙසේ වෙතත් ඔහු වෛද්‍ය පරිපාලන සේවයේ වෛද්‍යවරයෙක් නොවේ. එමෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සහ වැඩ බලන අධ්‍යක්ෂවරයා ද එම තනතුරුවලට පත් කරගෙන ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිසි අවසරයකින් තොරව බව වාර්තා වේ.  

රෝහල් අධ්‍යක්ෂ  මණ්ඩලටයට ඇතුළු වීමට  රෝහල තුළ සේවය කරනු ලබන දක්ෂ නිලධාරින් තිදෙනෙකුට අවස්ථාව හිමි වේ.  නමුත් එම අවස්ථාවන් තුනම    ජාතික ජන බලවේගයට සහාය දැක්වූ    විශේෂඥ  වෛද්‍යවරුන්   වෙත ලබා දී තිබේ. 

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

සභාපතිවරයා සහ අධ්‍යක්ෂ  මණ්ඩලය නියෝජනය කරන ඉහත විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් නිතරම දකින්නට ලැබෙන්නේ  මෙම විදුලි කාර්මික නිලධාරීයාගේ කාමරය තුළ දී බව රොහල් සේවකයෝ අපට කීහ. 

දරුවාගේ මරණය 

රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සිටින  මෙම එක් විශේෂඥ වෛද්‍යවරයෙකු පසුගියදා කුඩා දරුවෙකුට  සිදුකළ සැත්කමකින් පසුව එම දරුවාට සිහිය නැවත නොපැමිණ මරණයට පත් වූ සිද්ධියට වගකිව යුතු වෛද්‍යවරයා ය.

ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග  පවසන්නේ මෙම මරණය සඳහා  දැනට රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නා අදාල සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයා මෙන්ම එම අවස්ථාවේ සේවයට වාර්තා කර නොසිටි විශේෂඥ නිර්වින්ද වෛද්‍යවරුන් දෙදෙනා වගකිව යුතු බවය. 

රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් සිවු දෙනෙක් දෛනිකව  සේවය කළ යුතු වුවද එදින සේවයට වාර්තා කර තිබුණු බව කියන්නේ දෙදෙනෙක් පමණි.  සේවයට වාර්තා නොකළ දෙදෙනා  එසේ කර තිබුණේත් රෝහල් පරිපාලනයට නොදන්වා යැයි පැවසේ.  එබැවින් දරුවාගේ මරණය සම්බන්ධව නිශ්චිත විධිමත් පරීක්ෂණයක් පැවැත්වුවහොත් මේ වෛද්‍යවරුන් දෙදෙනා ද බරපතල වරදකට කොටුවීමට නියමිතව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.  

එහෙත්  මේ සිද්ධිය සිදුවූ වහාම   ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වුන අවස්ථාවේ දී අධ්‍යක්ෂවරයෙක් ද වන සැත්කම කළ  විශේෂඥ වෛද්‍යවරයා දරුවා ජීවිතයෙන් වන්දි ගෙවූ වැරැද්ද නිර්වින්දන වෛද්‍යවරුන්ට කෙළින්ම පවරා තිබිණි. එහෙත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙම වෛද්‍යවරයාට ඒ අපරාධයෙන් ගැලවී යා නොහැකි බවය.  

සාමාන්‍යයෙන් සැලසුම්කළ සැත්කමක් සිදුකරද්දී  දරුවෙකු සඳහා එම  සැත්කම් සැලසුම් කරන්නේ උදේ වරුවේ දී බවත් දරුවා පූර්ණ වශයෙන් නිර්වින්දනය කරන බැවින් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ එම සැත්කම සිදුකළ යුතු බවත් පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදය බව වෛද්‍ය තොරතුරු අනාවරණය කරයි.

මෙම දරුවාගේ සැත්කම සවස් වරුවේ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයෙන් තොරව   අදාල විශේෂඥ වෛද්‍යවරයාට විසින් සිදුකර තිබිණි. 

ඇතිවූ හදිසි අසාත්මිකතාවය හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවන දරුවාට නිර්වින්දන වෛද්‍ය සහාය ලැබෙන විටත් දරුවාගේ මොළය මියගොස් තිබීමට වැඩි ඉඩකඩක් පැවති බවත් රෝහල් ආරංචි මාර්ග කියයි. 

එහෙත්  දරුවා නිර්වින්දනය කර සැත්කම කළබවට ඇඟවෙන ආකාරයට සැත්කම නිමා කර ඇතැයි සැක කළ හැකි බවත්,    අමාත්‍යාංශ මට්ටමේ නිශ්චිත විමර්ශනයක් සිදුකරන්නේ නම් ඒ සම්බන්ධව පැහැදිලි නිගමනයකට පැමිණිය හැකි බවත්    එම ආරංචි මාර්ග පවසයි. 

විෂ බීජයක් ගිහින් රුධිරකාන්දු පෙරණ ඒකකය වසා දමයි…

මේ වනවිට ජයවර්ධනපුර රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයට විෂබීජයක් ඇතුලු වී ඇතැයි සැකයෙන්  එම     ඒකකය තාවකාලිකව  වසා දමා තිබේ.  

පසුගිය දින කීපය තුළ  රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාරයට  ලක් කල රෝගීන් සියල්ලන්ටම පාහේ මේ වන විට උණ රෝගය වැළඳී  අති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

කෙසේ වෙතත් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී තිබියදීත්  මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු නොකළ නව රුධීර කාන්දු පෙරණ යන්ත්‍රය මේ වනවිට රෝහලට ගෙනැවිත් ඇත.   එය තවමත් ස්ථාපිත කර නැත. 

වකුගඩු ශල්‍ය  ඒකකය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හැසිරෙන ආකාරය බරපතල ඛේදවාචයක්ව ඇතත් එම තත්ත්වයට තවමත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැත. රෝගී කාන්තාවකගේ වකුගඩු යුගලයම ගලවා දමා ඇයට වකුගඩු බද්ධ සැත්කම කිරීම ප්‍රතික්ෂේප කර ඇයට රුපියල් ලක්ෂ 10කට වඩා වැඩි මිලක් වැය කරවා රුධිර කාන්දු පෙරණ  වාර 52ක් කිරීමට සැලැස්වූ කුප්‍රකට විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් සිදුකරමින් තිබූ විමර්ශනය යට ගසා තිබිණි. මේ සෞඛ්‍ය ලේකම්වරයා ද පාලිත මහීපාල මෙන් මේ නින්දිත අපරාධය සම්බන්ධව මුණිවත රකිමින් ඇත. 

කෙසේ නමුත් රෝහලේ දැනට ඇති වි තිබෙන බව කියන ප්‍රශ්නකාරී   තත්ත්වය පිලිබඳව කරුණු පැහැදිලි කරගැනීමට ලංකාසර කීප විටක්ම රෝහල් අධ්‍යක්ෂවරයාව දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යයර්ථ  විය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හබරණ කැබ් රථය තුළ පිලිස්සී මිය ගොස් ඇත්තේ ගම්පහ දෙකටන පදිංචිකරුවෙක්… ඝාතනයක් බවට තොරතුරු ලැබෙයි!

Next Post

විදුලි සැර වද්දා තවත් වන අලියෙක් මරා දමයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.