යුගදනවි බලාගාර ගිවිසුම යනු රටට අතිශයින් හිතකර පාරදෘශ්‍ය භාවයකින් යුතුව කළ ගනුදෙණුවක් බවත් සෙසු පක්ෂ නායකයන්ට ඊයේ (28) මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කළ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව එතැන සිටි සියලු දෙනාටම මෙම ගනුදෙනුවේ ඇති සුබදායී ප්‍රතිඵල තේරෙන්නට අවශ්‍ය බවත් පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මාධ්‍යයට පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ ( 28) ආණ්ඩුවේ සෙසු පක්ෂ නායකයින් සහ ජනාධිපති, අගමැති, මුදල් ඇමති කළ සාකච්ඡාව පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමිනි.
ඔහු පැවසුවේ විමල් වීරවංශ ඇතුළු බහුතරයක් පක්ෂ නායකයින් යුගදනවි බලාගාරයේ කොටස් නිව් ෆෝට්රස් සමාගමට ලබාදීමට විරුද්ධ නොවූ බවය.
“ LNG සැපයුම් මාර්ගය සම්බන්ධයෙන් තමයි ඔවුන් යම්කිසි සැකයක හිටියේ. බැසිල් මහතා ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරාට පස්සේ මං හිතන්නේ එතැන හිටිය හැමෝටම තේරෙන්න ඕනේ මෙය ඉතාම පාරදෘශ්‍ය ලෙස රටට සුබදායි ලෙස සිදුකරන කටයුත්තක් බව. “
“ මුදල් ඇමතිතුමා පැහැදිලිව කිව්වා මේ ටෙන්ඩර් එක කැඳවලා එකෙන් ලැබිලා තියෙන ලන්සුව LNG එකෙන් යුනිට් එකකට ඩොලර් 3යි ගාණක් වෙනවා. නමුත් මේ සමාගම ඩොලර් 1.4කට දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ලාබදායි දෙයක් අතහැරලා යන්නේ මොකටද කියලා. මෙහිදී විමල් වීරවංශ මහතා ඇතුළු බොහෝ පක්ෂ නායකයින් පවසා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි..”
ලේකම්වරයා කීවේය.







