බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හැක් කර තොරතුරු ලබා ගත් ගාල්ලේ සිසුවා අත්අඩංගුවට…

ප්‍රතිඵල දත්ත ගොනු අරන් නව වෙබ් අඩවියක පළකර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ රහස්‍ය භාවය අවලංගු කරලා...

by editor
සැප්තැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක් කර එහි තොරතුරු දත්ත ගොනුවෙත පිවිසීම සම්බන්ධව  විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන විසින් පසුගිය 05 වැනිදා සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ගාල්ල ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ තොරතුරු තාක්ෂණය හදාරන සිසුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ සමාජ මාධ්‍ය ජාල ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.

වෙබ් අඩවියේ රහස්‍ය භාවය අවලංගු කරමින් මෙවර උසස්පෙළ  විභාගයට පෙනී සිටි සියලුම සිසුන්ගේ ප්‍රතිඵල ලේඛණ ලබා ගෙන නව වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ ඔස්සේ උක්ත ප්‍රතිඵල ලේඛන හෙළිදරව් කිරීමට මෙම සිසුවා කටයුතු කර ඇත.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ උසස් පෙළ ඇතුළු විභාග ප්‍රතිඵල පරීක්ෂාකර බැලීමට හැකියාව ඇත්තේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ  විභාග අංකය හෝ විභාගයට මුහුණ දුන් අයදුම්කරුවන්ගේ  ජාතික හැදුණුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් පමණි.

එහෙත් මෙම සිසුවා විසින්  සකස්කර ඇති නව වෙබ් ප්‍රවේශයෙන් විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ නම ඇතුළත් කිරිමෙන් ප්‍රතිඵල ලේඛනය පරීක්ෂාකර බැලීමට  හැකියාව ඇති බව වාර්තා වේ.

නමේ කොටසක් පමණක් ඇතුළු කළ විට එම නම සහිත සියලුම අපේක්ෂකයන්ගේ දත්ත ගොනු නිරීක්ෂණයට මෙම බෙව් අඩවිය ඔස්සේ අවකාශය සලසා ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අනතුරුව  විභාග දෙපර්තමේන්තු වේබ අඩවියට ප්‍රවේශ වූ ආකාරය පිලිබඳ දැනුම ඔහු තමන් සම්බන්ධ වී සිටින    තාක්ෂණය විෂය හදාරණ පාසල් සිසුන්ගෙන් සමන්විත ටෙලිග්‍රෑම් සමූහයක් ඔස්සේ බෙදා ගෙන ඇත. පන්දහසක පමණවන මෙම ටෙලි ග්‍රෑම් සමූහය අදාල විෂය හදාරන සිසුන් විසින් සකසාගෙන ඇත්තේ පවතින තත්ත්වය යටතේ    පාසල් තුළ විෂය නිර්දේශ නිසි ලෙස ආවරණය නොවන බැවින් එම අඩුව මකා ගැනීම සඳහාය.

අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් මෙම ටෙලිග්‍රෑම් සමූහට ඇතුළු වී විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිසුණු සිසුවාගේ තොරතුරු ලබාගෙන ඇත.

අනතුරුව එම සිසුවා විසින් නිර්මාණය කළ වෙබ් අඩවිය වෙත පෙරේදා(07) විමර්ශකයින් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ප්‍රහාරය එල්ලකිරීමත් සමඟ සිසුවා ටෙලිග්‍රෑම් සමූහයට ඒ බව දැනුම් දෙමින් පණිවුඩයක් තබා ඇති අතර ප්‍රහාරය එල්ලකළ අය හදුනා ගනිමින් නැවතත් එම වෙබ් ප්‍රෙව්ශය යථා තත්වයට පත්කරීමට කටයුතුකරන බව එහි දක්වා තිබේ. සිසුවාගේ අනන්‍යතාවය යළිත් තහවුර කරගෙන ඇත්තේ එම පණිවිඩය මගිනි.

මීට පෙරත් මේ ආකාරයෙන් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ප්‍රවේශ වී දත්ත ගොනු ලබාගෙන ප්‍රසිද්ධ කළ බව සිසුවා පවසා ඇත.

මෙම කටයුත්ත මෙම සිසුවා අපරාධමය චේතනාවකින් සිදුකර නොමැති බවත් ඔහු තමන් උගත් දැනුම යොදා විනෝදයට මෙන් කර ඇති ක්‍රියාවක් බවත් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුධිර පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායනික ප්‍රතික්‍රියක කිසිවක් වෛද්‍ය සැපයුම් අංශයේ නෑ…. 

Next Post

මාස 33ට විසි හත් කෝටි හැට ලක්ෂයක් ගොඩනැගිල්ලකට වැඩිපුර ගෙවූ ලොතරැයි මණ්ඩලය ගැන විගණනය කියන කතාව…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.