විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක් කර එහි තොරතුරු දත්ත ගොනුවෙත පිවිසීම සම්බන්ධව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන විසින් පසුගිය 05 වැනිදා සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ගාල්ල ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ තොරතුරු තාක්ෂණය හදාරන සිසුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ සමාජ මාධ්‍ය ජාල ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.
වෙබ් අඩවියේ රහස්‍ය භාවය අවලංගු කරමින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටි සියලුම සිසුන්ගේ ප්‍රතිඵල ලේඛණ ලබා ගෙන නව වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ ඔස්සේ උක්ත ප්‍රතිඵල ලේඛන හෙළිදරව් කිරීමට මෙම සිසුවා කටයුතු කර ඇත.
විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ උසස් පෙළ ඇතුළු විභාග ප්‍රතිඵල පරීක්ෂාකර බැලීමට හැකියාව ඇත්තේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ විභාග අංකය හෝ විභාගයට මුහුණ දුන් අයදුම්කරුවන්ගේ ජාතික හැදුණුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් පමණි.
එහෙත් මෙම සිසුවා විසින් සකස්කර ඇති නව වෙබ් ප්‍රවේශයෙන් විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ නම ඇතුළත් කිරිමෙන් ප්‍රතිඵල ලේඛනය පරීක්ෂාකර බැලීමට හැකියාව ඇති බව වාර්තා වේ.
නමේ කොටසක් පමණක් ඇතුළු කළ විට එම නම සහිත සියලුම අපේක්ෂකයන්ගේ දත්ත ගොනු නිරීක්ෂණයට මෙම බෙව් අඩවිය ඔස්සේ අවකාශය සලසා ඇත.
අනතුරුව විභාග දෙපර්තමේන්තු වේබ අඩවියට ප්‍රවේශ වූ ආකාරය පිලිබඳ දැනුම ඔහු තමන් සම්බන්ධ වී සිටින තාක්ෂණය විෂය හදාරණ පාසල් සිසුන්ගෙන් සමන්විත ටෙලිග්‍රෑම් සමූහයක් ඔස්සේ බෙදා ගෙන ඇත. පන්දහසක පමණවන මෙම ටෙලි ග්‍රෑම් සමූහය අදාල විෂය හදාරන සිසුන් විසින් සකසාගෙන ඇත්තේ පවතින තත්ත්වය යටතේ පාසල් තුළ විෂය නිර්දේශ නිසි ලෙස ආවරණය නොවන බැවින් එම අඩුව මකා ගැනීම සඳහාය.
අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් මෙම ටෙලිග්‍රෑම් සමූහට ඇතුළු වී විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිසුණු සිසුවාගේ තොරතුරු ලබාගෙන ඇත.
අනතුරුව එම සිසුවා විසින් නිර්මාණය කළ වෙබ් අඩවිය වෙත පෙරේදා(07) විමර්ශකයින් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම ප්‍රහාරය එල්ලකිරීමත් සමඟ සිසුවා ටෙලිග්‍රෑම් සමූහයට ඒ බව දැනුම් දෙමින් පණිවුඩයක් තබා ඇති අතර ප්‍රහාරය එල්ලකළ අය හදුනා ගනිමින් නැවතත් එම වෙබ් ප්‍රෙව්ශය යථා තත්වයට පත්කරීමට කටයුතුකරන බව එහි දක්වා තිබේ. සිසුවාගේ අනන්‍යතාවය යළිත් තහවුර කරගෙන ඇත්තේ එම පණිවිඩය මගිනි.
මීට පෙරත් මේ ආකාරයෙන් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ප්‍රවේශ වී දත්ත ගොනු ලබාගෙන ප්‍රසිද්ධ කළ බව සිසුවා පවසා ඇත.
මෙම කටයුත්ත මෙම සිසුවා අපරාධමය චේතනාවකින් සිදුකර නොමැති බවත් ඔහු තමන් උගත් දැනුම යොදා විනෝදයට මෙන් කර ඇති ක්‍රියාවක් බවත් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.