රාසායනාගාර රුධිර පරික්ෂණ සඳහා අවශ්‍ය රසායනික ප්‍රතික්‍රියකය කිසිවක් මේ වනවිට මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ නොමැති බව සෞඛ්‍ය අංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
අද සවස වනවිට තිබුණු සියලුම තොග අනුරාධපුර රෝහලට යැවිමට සිදු බවත් තව දින කීපයක් යනතුරු රටේ ඇත්තේ දැනට රෝහල්වල තිබෙන රාසායනික ප්‍රතික්‍රියක සුළු ප්‍රමාණය පමණක් බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.
පවතින මුදල් විනිමය හිඟය හේතුවෙන් මේ වනවිට රේගුවෙන් නිදහස් කරගැනීමට නොහැකිව දින 11 තිස්සේ සිර වී ඇති රසායනික ප්‍රතික්‍රියක සහිත වෛද්‍ය සැපයුම් තොගයක් ලබන සතිය වනවිට නිදහස් කරගැනීමේ උත්සාහයක බලධාරීන් නිරත වෙමින් සිටින බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.
මේ තත්ත්වය තුළ දිවයින පුරා සියලුම රෝහල්වල රුධිර පරීක්ෂණ අඩපණ වී තිබේ. විනිමය හිඟය ඇතුලු ගැටලු ගණනාවක් නිසා නියමිත කාලවල දී රසායනික ප්‍රතික්‍රියක මෙරටට ගෙන්වීම සඳහා කිසිම නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම මේ තත්ත්වයට හේතු වී තිබේ.
එවැනි තතත්වයක් මත පසුගිය කාලයේ නියමිත දිනයන්හිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය රසායනික ප්‍රතික්‍රියක හතලිහකට ආසන්න සංඛ්‍යාවක් රටට ගෙන්වීමට නොහැකී වී ඇත.