එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් කිරීටය හෙබවූ දෙවන එලිසබෙත් මහ රැජින වසර 70 ක ගෞරවණිය පාලනය නිමා කර අවසන් ගමන් ගියාය.
රැජින 1952 දී සිංහාසනයට පත්වූවාය. පුරාවෘත්තයක් බඳු එතුමිය දිවි සැරියෙන් සමුගන්නා විට 96 හැවිරිදි වියේ පසුවූවාය. ඇය අවසන් ගමන් ගියේ ස්කොට්ලන්තයේ බල්මොරල් මාලිගාවේ දී ය.
අද ( 08) උදෑසන ඇගේ සෞඛ්‍යය ගැන කනස්සල්ලෙන් පසු රජ පවුලේ උදවිය අද ස්කොට්ලන්ත බල්මොරල් මන්දිරයට රැස් වූහ. වෛද්‍යවරුන් රැජින වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබුවේය..
නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය පැවසුවේ, “රැජින අද පස්වරුවේ බල්මොරල්හිදී සාමකාමීව මිය ගිය බවය.
රැජිනගේ අභාවයත් සමඟ ඉදිරියේදී බ්‍රිතාන්‍ය කිරීටය චාල්ස් කුමරු හට හිමිවීමට නියමිතය.