-
යුනිසෙෆ් වාර්තාව වැරදියි කී සෞඛ්‍ය ලේකම් ළමා මන්දපෝෂණය ගැන කතා කරන වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්න කණ්ඩායමක් යොදවලා…
-
ප්‍රශ්න කරලා අහන්නෙ ළමා මන්දපෝෂණය ගැන කතා කරන්නෙ දේශපාලන පක්ෂයක උවමනාවට ද, යුනිසේෆ් එකේ අවශ්‍යතාවයට ද කියලා….
ළමා මන්දපෝෂණය ගැන කථා කරන වෛද්‍යවරුන් පිලිබඳව විශේෂ සොයා බැලීමක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් යෙදවීමට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නිලධාරීන් පිරිස මේ වන විටත් ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන වෛද්‍යවරුන් සිටින රෝහල් වෙත ගොස් ඔවුන්ව ප්‍රශ්න කිරීම් වලට ලක් කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කළේය.
ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශනයන් නිකුත් කරනුයේ කුමන දත්තයන් පදනම් කර ගනිමින්ද මෙම දත්තයන්ගේ නිරවද්‍යතාවන් කෙසේද යන්න පිලිබඳව මෙහිදී ප්‍රශ්න කර ඇත.
.එසේම මෙම වෛද්‍යවරු කිසියම් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මත මෙවැනි ප්‍රකාශයන් සිදුකරන්නේද එසේ නොමැති නම් යුනිසෙෆ් සංවිධානයේ අවශ්‍යතාව මත මෙවැනි ප්‍රකශ කරන්නේද යන්න පිලිබද සොයා බලන බව අප කළ විමසුමක දී අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ නමුත් මෙරට ළමා මන්දපෝණය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතය පසුගියදා නිකුත් කල නිවේදනය අසත්‍යබව සෞඛ්‍ය අමාත්‍යංශය පසුගියාද ප්‍රකාශයට පත්කළේය.