දැනට රටතුල ඇති වී තිබෙන බරපතල අවදානම් තත්තවය හේතුවෙන් ජනතාවට සහන සැලසීමට පැය 24 පුරාම ක්‍රියාත්මක වන සෞඛ්‍ය සහන සේවාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්බ කර ඇත.
ආපදා තත්තවය හමුවේ විපතට පත් ජනතාවට අවශ්‍ය ක්ෂණික ජීවිතාරක්ෂක සේවාවන් සහ වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් රටපුරා සියලු දිස්ත්‍රික්ක සහ රෝහල් ආවරණය වන පරිදි වෛද්‍ය කණ්ඩායම් ගණනාවක් ස්ථානගත කර ඇති බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ඖෂධද සමගින් මෙම වෛද්‍ය කණ්ඩායම් ස්ථානගත වී ඇති බව හෙතෙම පැවසුවේය.
අයහපත් කාලගුණික තත්තවය හේතුවෙන් අපදාවන්ට පත් ජනතාවට වෛද්‍ය සහය අවශ්‍ය නම් 0774506602 යන දුරකථනය අංකයට අමතා අවශ්‍ය සහය ලබා ගත හැකි බව සංගමය අවදාරණය කරයි.







