මේ සතිය මුලදී ගැටුම්වලින් විනාශ වූ මියන්මාරයට මෝකා සුළි කුණාටුව කඩා වැදීමෙන් පසු මියන්මාරයේ අවම වශයෙන් 800,000 දෙනෙකුට හදිසි ආහාර ආධාර සහ වෙනත් ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිකුරාදා ප්‍රකාශ කළේය.
මියන්මාරයේ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 145 දක්වා ඉහළ ගොස් ඇති බව එහි පාලක ජුන්ටාව පවසා තිබේ.
“සුළි කුණාටුව මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය හරහා හමා ගොස් නිවාස සමතලා වී, උදුරා දැමූ ගස්වලින් මාර්ග කපා, රෝහල් සහ පාසල් විනාශ කෙරිණ. එසේම විදුලි සංදේශ සහ විදුලි රැහැන් දැඩි ලෙස විනාශ වූ බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්යක්ෂ අන්තියෝ වෙබ් පවසා තිබේ. ඇත.”