ශ්‍රියානි විජේසිංහ
මයියංගනය රෝහල ඊයේ (27) සවස් වන විට ජලයෙන් යට වෙන බවට එහි සේවය කරන වෛද්‍යවරුන් සඳහන් කිරීමත් සමඟ සියලුම සම්බන්ධතාවන් බිදවැටී ඇතැයි බදුල්ල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා ලංකාසර වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
රෝහල වතුරෙන් යටවෙනවාත් සමඟ වෛද්‍යවරුන් 10 දෙනෙක් පමණ දඹාන රෝහල් වෙත පිටත් කර හැර ඇති අතර ඉතිරි වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් 150ක් පමණ පිරිසක් රෝහල තුල සිරවී ඇති බව වෛද්‍ය පාලිත මහතා පැවසුවේය.
නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීහු 300ක් පමණ දෙනා රෝහලේ පහළ මාලයේ සිට ඉහළ මාහල් වෙත ගෙනයාමට රෝහල් කාර්ය මණ්ඩල කටයුතු කර ඇති බවද ඊයේ සවස වන විට දැන ගැනිමට හැකි වූ බව ඒ මහතා පැවසුවේය.
මේ වන විට විදුලිය විසන්ධි වීම හා රෝහල් සතුව පවතින ජෙනරේටර් ගංවතුරට හසුවිම හේතුවෙන් රෝහල් ගණනාවක් විදුලිය ඇනහිටිමේ තත්තවයක් උද්ගතව වීමේ අවදානමක් මතුව ඇති බවත් යම් හේතුවකින් එසේ වුවහොත් දැඩිසත්කාර ඒකකවල සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරිම බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව හෙතෙම පැවසුවේය.
ආරක්ෂක අංශයන් වෙතද මයියංගනය රෝහල් සම්බන්ධයෙන් කිසිදු තොරතුනක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවද වාර්තාවේ.







