කළු ගඟ ප්‍රදේශයේ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.
ඒ අනුව,කළු ගඟ ද්‍රෝණිය වෙත මේවන ිවට ලැබෙමින් පවති අධික වර්ෂාපතනය හා කළු ගඟ ද්‍රෝණිය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කරනු ලබන දත්ත විශ්ලේෂණය අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත යන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය කිහිපය තුල මහ ගංවතුර තත්ත්වයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.







