සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස් ශ්‍රමිකයන්වත් අවභාවිතා කර තීරු බදු සහන යටතේ ගෙන්වූ ඉලෙක්ට්‍රික් කාර් මගඩිය ගැන විධිමත් පරීක්ෂණයකට රජය සූදානම්!

by editor
නොවැම්බර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විදෙස් ශ්‍රමිකයින්ට ගෞරව කිරීමක් ලෙස පවසා තීරුබදු සහන සහිතව විද්‍යුත් වාහන රටට ආනයනය කිරිමේ දි විදේශ ශ්‍රමිකයන්ට ලබා දෙන බව කී අයිතිය අවභාවිතා කරමින් සිදුකළ බරපතල දූෂණය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අද (06)  පැවසුවේය.

වසර ගණනාවක් තිස්සේ විදේශ රටවල සේවය කරමින් දුක් විඳි මැදපෙරදිග රැකියා කරන ගෘහ සේවිකාවන් පවා රවටා ගනිමින් ඔවුන්ට යම් මුදලක් දී ඔවුන් හරහා අධි සුඛෝපභෝගී විද්‍යුත් වාහන රට තුළට ගෙන්වීමේ ජාවාරමක් සම්බන්ධව මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්න කිරීම හමුවේ කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේය.

“විදෙස් රැකියාවල යෙදුනු ශ්‍රමිකයින්ට යම් ක්‍රමවේදයකට අනුව ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන්න දෙනවා කියලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. මේකෙ අක්‍රමිකතා ගොඩක් වෙලා තියනවා. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවෙත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙත් මමත් ඉන්න අවස්ථාවලදි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.
එතනදි කරුණු වාර්තා වුනා අඩු කත්සේරු කරලා, වෙනත් රටවල ලියාපදිංචි කරලා වාහන ගෙනත් තියනවා කියන එක පිළිබඳව. ”

“එහෙම ගෙනාපු පාවහන බොහෝ ප්‍රමාණයක් තැන් තැන්වල සේල්වල තියනවා. ඒත් එක්කම පහුගිය කාලෙ මුදල් අමාත්‍යාංශයේන් ගැසට් එකක් නිකුත් කළා සැප්තැම්බර් මාසේ 30 වැනිදා වනවිට මෙම වාහනවල ලියාපදිංචිය අවසන් කළ යුතුයි, එතැනින් පස්සේ ලියාපදිංචි කරන්න බැහැයි කියලා. එතකොට දැන් වාහන ප්‍රමාණයක් තියනවා. නීත්‍යානුකූල ක්‍රමවලට ගත්තු වහන්ත තියනවා සේල්වල. ඒවත් රෙජිස්ටර් කරගන්න බැරි විදිහක් තියනවා. එහෙම ගැටලුවක් ඇති වෙලා තියනවා. ඒ අනුව දැන්
මේ වාහන ගෙන්වීම හා ඒවා ලබා දීමම ප්‍රශ්නකාරී සිද්ධියක්.”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“ඉදිරියේ දී නිවැරදි පරික්ෂණයක් අපි කරනවා. දැනට වාහන විකුණන ආයතනවල තියන ලියාපදිංචි නොකළ වාහනවලට සැප්තැම්බර් 30න් පස්සේ ලියාපදිංචි කිරීමට අවසරය දීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් තීන්දු ගතයුතුයි. අපි ඒ ගැන සලකා බලනවා. එය වෙනම කාරණාවක්. ඇත්තටම සමහර විදේශගත අය ඒ ගොල්ල සල්ලි වියදම් කරලා නෙමෙයි මේ වාහන අරන් තියෙන්නේ. වෙන අයගෙ සල්ලි මෙහාට එවලා, ආපහු උණ්ඩියල් ක්‍රමවලින් ඒ සල්ලි ඒ අයට යවලා වෙන වෙන ක්‍රමවලට තමයි මේ වාහන ලබා දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ පිළිබඳ විමර්ශනය කරනවා. ” ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාහන ආනයනයට අවසර තිබිය යුතු බව රජයේ ස්ථාවරයයි… කැබිනට් ප්‍රකාශක කියයි!

Next Post

ලංගම සභාපතිගෙන් මදාවි රියදුරන්ට පාඩමක්… පාසල් ළමුන් මග දමා ගිය ලංගම රියදුරුගේ සහ කොන්දොස්තර ගේ වැඩ තහනම්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.