-
පන්සල්වලට සහනාධාර දීම ආණ්ඩුවේ වැඩක්… බිල අය කරගත යුතුයි… කාමර තිස්පහක් සහිත කොළඹ හතේ ඇති තමන්ගේ හෝටලයට වැය වන්නේත් ඒකක 7500ක් බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කියයි…
විදුලි ඒකක 8,500 ක් පරිභෝජනය කිරීම නිසා මාසයකදී රුපියල් ලක්ෂ පහමාරක විදුලි බිලක් ලැබුණු විහාරස්ථානයක් සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද හෙළිදරව් කළේය.
ඔහු ප්රකාශ කළේ මෙවැනි දැවැන්ත විදුලි පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන පිළිබඳව රජය මැදිහත්විය යුතු බවය.
ජනක රත්නායක පැවසුවේ කොළඹ 7 පිහිටි කාමර 35 කින් යුත් සිය හෝටලයේ මාසික විදුලි පරිභෝජනය ඒකක 7,500 ක් පමණක් බව ය.
පසුගිය මස විදුලි බිල රුපියල් 80,000 ක් යැයි පවවසමින් එම විහාරස්ථානයෙන් පැමිණිල්ලක් ලැබී ඇති නමුත් මෙවැනි විශාල විදුලි පරිභෝජනයක් ඇති ස්ථානවලට ලක්ෂ 5 කට වඩා වැඩි බිලක් ලැබීම වැලැක්විය නොහැකි බව කීවේය.
සභාපතිවරයා පැවසුවේ සියලු දෙනා බිල් ගෙවිය යුතු බවත් පන්සල්වලට සහනාධාර දීම රජයේ කටයුත්තක් බවත්ය.
රට තුළ ඇති සමස්ථ ආගමික ස්ථාන 48,500 කින් සියයට 75 ක් පමණ ඒකක 180 කට අඩු විදුලි පරිභෝජනයක් ඇති බව ජනක රත්නායක කීවේය.
එහෙත් සියයට 25 ක් පමණ වන විශාල පරිභෝජනයක් ඇති ස්ථාන රටට ගැටලුවක් බවද ඔහු පෙන්වා දුන්නේය.
ලංකාදීප –







