සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා මන්දපෝෂණයට පිළියම් හොයන්න එන්න හැදූ නාමල්ට එරෙහිව සූරිය වැව මිනිස්සු වීදි බසිති…

විරෝධය නිසා රැස්වීමට එන්න බෑ… නාමල් නවතී… දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පවත්වයි...

by editor
සැප්තැම්බර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

සූරියවැව මන්දපෝෂණය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් සඳහා රජයේ ප්‍රධාන දේශපාලන බලධාරියා ලෙස පැමිණීමට නියමිතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂගේ පැමිණීමට සූරිය වැව ජනතාවගෙන් එල්ල වූ බලවත් විරෝධතාවයක් නිසා ඔහුගේ පැමිණීම වැළකී ගියේය.

නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීම පිළිබඳ දැනුම් දී තිබුණු ආකාරය…

සූරියවැව දරුවන්ගේ  මන්දපෝෂණය පිළිබඳ පලවූ කතාව අමූලික බොරුවක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ අතර මේ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරයා දේශපාලන වෛරයකින් පෙළෙන පුද්ගලයෙක් බව ද සඳහන් කළේය. මේ සම්බන්ධව පලවූ මාධ්‍ය වාර්තා කිසිම පදනමකින් තොර වගකීම් රහිත ඒවා බවත් කීවේය. 

මේ ළමා මන්දාපෝෂණ තත්ත්ය  සම්බන්ධයෙන් පලවූ වාර්තා  සොයා බලා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ  සාකච්ජාවක් අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබිණි.

ගැමියන්ගේ විරෝධතාවය…

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යලය තුළ අදාල රැස්වීම පැවැත්වෙමින් තිබු අවස්ථාවේදීම එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂගේ සහභාගීත්වයට විරෝධය පළ කළ  ගැමියෙන් පිරිසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් දියත් කළහ.    

විරෝධතාවයට එක්ව සිටි ජනතාව පැවසුවේ වසර ගනනාවක් තිස්සේ තමන් මෙම පිරිසට සිය ඡන්දය දුන් නමුත් මේ දක්වා නැතිබැරි අහිංසකයින්   වෙනුවෙන් කිසිම දෙයක් නොකළ බවත් තමන් මේ තරම් අසරණ තත්ත්වයකට පත්වීමට මේ දේශපාලකයින් වගකිව යුතු බවත්ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විරෝධතාවයේ යෙදෙන ගැමියන්ව වීඩියෝගත කරන නිල ඇදුම ඇඳගත් පොලිස් ප්‍රධානියෙක්…

“දේශපාලකයින් වගේම නිලධාරීගේ අදූරදර්ශී ක්‍රියා කලාපයන් නිසා අද සූරියවැව ජනතාව මන්දපෝෂණයට  ගොදුරු වෙමින් යනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් හෙළිදරව් කළ පිරිස් මර්ධනය කිරීම හා තවදුරටත් සීතල කාමරවල සිට සාකච්ජා නොපවත්වා ගමට ගොස් හැබෑවටම මේ පිළිබඳව සොයා බලන්න…“ විරෝධතා කරුවෝ පැවසූහ.  

මෙහිදී විරෝධතාවයට එක්ව සිටි පිරිස “ අපේ දරුවන්ට එක වේලයි-රජ දරුවන්ට තුන් වෙලයි“ , “ සූරියවැව ළමා මන්දපෝෂණය ඉහළට“ , කන්න නැතුව පාසැල්වල උදෑසන රැස්වීම් නවතී – ඇමති මණ්ඩලය දිනෙන් දින ඉහළට“ ආදී පුවරු රැගෙන පිරිස විරෝධතාවයේ නිරත වූහ.

ජනතා විරෝධය නිසා නාමල් රාජපක්ෂට එක්වීමට බැරි වූ රැස්වීම   හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සුමනසේකරගේ  ප්‍රධානත්වයෙන්, සූරියවැව ප්‍රාදේශීය ලේකම් අංජලා අමාලි   හා සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රහල් රාජපක්ෂ  ඇතුළු රාජ්‍ය නිළධාරීන්  පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි. 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඔවුන් රට ගෙනියන්නෙ බිහිසුණු තැනකට… විදුලිය සම්බන්ධ සමහර තත්ත්ව හිතනකොටත් බය හිතෙනවා…

Next Post

විදුලි ඒකක 8500ක් පුච්චලා… පන්සලේ ලයිට් බිල ලක්ෂ පහ හමාරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.