කිහිප වතාවක්ම කල් ගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙම මාසයේ 22 වැනිදා සිදු කිරීම සඳහා දැනට සූදානමක් පවතින බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී විශේෂයෙන්ම කාර්ය සාධනය අසාර්ථක මට්ටමක පවතින අමාත්‍යවරුන් වෙනුවට නව අමත්‍යවරුන් පත් කිරීම කෙරෙහි අවධානය යොමු ඇති බව එම අරංචි මාර්ග සඳහන් කළේය.
මේ වනවිට තම විෂය පථය සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකරන අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉස්මතු වී ඇති බවත් ඔවුන් ගේ අමාත්‍ය විෂය පථය බොහෝ දුරට සංශෝධනය විය හැකි බවත් සඳහන් කළ මෙම ආරංචි මාර්ග සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය අමාතය බන්දුල ගුණවර්ධනගේ අමාත්‍ය විෂය පථයයයන් බොහෝ දුරට වෙනසකට ලක් වනු ඇතැයි මෙම අරංචි මාර්ග සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවතින ඖෂධ අර්බුදය හමුවේ අත්තනෝමතික ලෙස කටයුතු කර අර්බුදය තවදුටරත් උග්‍ර කරවීමට ක්‍රියා කර ඇති බවට වෛද්‍යවරුන් කණ්ඩායමක් සාධක සහිතව ජනාධිපතිවරයාටද පැමිණිලි කර ඇති බව සඳහන් වේ. මෙම තත්ත්වය මත ඔහුගේ අමාත්‍ය ධුරය ද සංශෝධනය වනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රවාහන විෂය පථය යටතේ සාර්ථක වී නැති බවට මේ වනවිට නිරීක්ෂණය වී ඇති බවත් ඒ අනුව ඔහුගේ එම විෂය පථය වෙනත් අමාත්‍යවරයකුට ලබා දී නව අමාත්‍යවරයකු වෙත වගකීම් පැවරීමක් පිළිබඳව ද මේ විට සලකා බැලෙමින් පවතින බවත් සඳහන් වේ.
නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සම්බන්ධයෙන්ද මේ වනවිට යම් මතභේදාත්මක තත්ත්වයක් පවතින බවට වාර්තා වන අතර ඔහුගේ කාර්ය සාධනය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි අයුරු ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් සහේතුකව කරුණු ඉදිරිපත් කර ඇත.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් කිහිප වතාවක්ම ජනාධිතිවරයා වෙත ඉල්ලීම් කර ඇති බවට වාර්තා වන අතර බොහෝ දුරට මෙම සංශෝධන පෙබරවාරි මස 22 වැනිදා සිදුවනු ඇතැයි ලංකාසරට කරුණු අනවරණය කළ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය







