සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ ගන්නේ නැහැ! ජනපති අවධාරණය කරයි…

by editor
පෙබරවාරි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන බවත්, රාජ්‍ය සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයෙකු  ඉවත් කළ යුතු බව වෘත්තිය සමිති පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති මට්ටම දක්වා පහත වැටීම කණගාටුදායක බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ අද (15) කොළඹ ට්‍රේස් සිටි හි පැවති  ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සභාපති රංජිත් ජී. රූබසිංහ  විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය   පවසනවා. ඒ වගේම  සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයෙකු  ඉවත් කරන ලෙස වෘත්තිය සමිති පවසනවා.  මට අසන්නට තිබෙන එකම ප්‍රශ්නය වන්නේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඉවත් කරන්න කියන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, සාමාන්‍යාධිකාරී ඉවත් කරන්න අවශ්‍යයි කියන අයගේ මට්ටමට පැමිණ තිබෙනවා ද කියන කාරණයයි.

සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ආණ්ඩුවේ කටයුත්තක්. නමුත් විරෝධතා දියත් කළ පමණින් ආණ්ඩුව ඔහුව ඉවත් කරන්නේ නැහැ. ඔහුගේ යම් බරපතළ අඩුපාඩුවක් තිබෙන බව ඔවුන් සිතන්නේ නම් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබෙනවා. උපකුලපතිවරුන් සම්බන්ධයෙනුත් එම තත්ත්වය එලෙසම බව සඳහන් කළයුතුයි.

සංස්ථාවක හෝ  විශ්වවිද්‍යාලයක වේවා වැඩ වර්ජන කළ පමණින් මේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ.

අපි නීති රීති අනුව ක්‍රියා කරනවා.  නැතිනම් ඊළඟ වතාවේ පීඨාධිපතිවරුන් සහ ඉන් පසුව දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඉවත් කිරීමට ඔවුන්ට අවශ්‍ය වේවි. අනතුරුව ඔවුන් කියයි අපේ කැමැත්ත නැතිව ඔබට මහාචාර්යවරයෙක් පත් කරන්න බැහැ කියලා.

විශ්වවිද්‍යාලවල ඇතිවීමට යන මෙම තත්ත්වය පිළිබඳ අපි ගැඹුරින් සිතා බැලිය යුතුයි. සිදුවන්නේ කුමක්ද කියා නිවැරදිව දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ විශ්වවිදයාල සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ රටේ ජනතාවගේ මුදල්වලින් නිසා. එබැවින් විශ්වවිද්‍යාල පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. රුහුණු විශ්ව විද්‍යාලය තුළ මෙවන් තත්ත්වයක් ඇතිවීම පිළිබඳව මම කණගාටු වෙනවා.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, හේග් විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ සහකාර මහාචාර්ය හාවර්ඩ් නිකොලස්, උපකුලපති සහ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සභාපති රංජිත් ජී. රූබසිංහ   ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විදුලි පද්ධති එක් කිරීමේ අවබෝධතා ගිවිසුම තව මාස දෙකකින්!

Next Post

පොලිසිය සහ ගම අවුලන්න ගිය දිඹුලාගල ප්‍රාදේශීය සභා අපේක්ෂකයා අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.