බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“වාහනේ හෝදලා නාන්න ගියාම පුතා ජිප් එක අරන් ගිහින්”- වැලිසර මාරක අනතුර කළ දරුවාගේ පියා කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පියා විසින් නිවසේදී වාහනය සෝදා දමා ඔහු නානකාමරයට ගිය අවස්ථාවේදී පුතා විසින් ජිප් රථය රැගෙනවිත් ඇති බව, අද (04) පෙරවරුවේ, වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුරෙන් පසු, අනතුර සිදුකළ බායවයස්කරුගේ පියා පවසා තිබේ.

“වාහනය හෝදලා තියලා මම නානවා. නාන වෙලාවේ තමයි මේක මේ පැදගෙන ඇවිත් තියෙන්නේ. නවය හමාර වෙද්දි මම කොළඹ යන්න ඕනේ. මේ කොහෙවත් ගමනක් ගිහිල්ලා නෙමෙයි ඔය නිකන් අරගෙන ඇවිත්. දොස් කියන්නේ දෙමාපියන්ට. අපි වරදවල් කරන්නේ නැහැ. පණ වගේ බලනවා. එතකොට දොස් කියන්නේ අපිට.”

කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ මෝටර් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් අයකු මියගියේය.

අද පෙරවරු 09.30ට පමණ එම අනතුර සිදුව ඇති අතර 16 හැවිරිදි දරුවකු විසින් සුඛෝපභෝගී මෝටර් රථය පදවා ඇති බව පොලීසිය කීය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අනතුරින් තවත් පුද්ගලයෙක් බරපතළ තත්ත්වයේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය. අනතුරේ CCTV දර්ශන මේ වන විට පොලීසිය විසින් නිකුත් කර තිබේ.

සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ 16 හැවිරිදි ළමයා සහ රථයේ හිමිකරු වන ඔහුගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“අද පෙරවරුවේ මහබාගේ පොලිස් වසමේ බරපතළ ගණයේ මාරක රිය අනතුරක් සිදුවුණා. කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වු ජීප් රථයක් එහි රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතර පැන මීගමුව දෙස සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ කාර් රථයක, ත්‍රීරෝද රථයක හා යතුරුපැදි දෙකක ගැටීම නිසා එම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් 5 දෙනෙක් තුවාල ලබා රාගම රෝහල ඇතුළත් කරනු ලැබුවා. එයින් වයස 51ක මහබාගේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. තවත් එක් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙනවා. අනෙක් දෙදෙනා තවදුරටත් රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී අනාවරණය වුයේ, එම ජීප් රථය පැඳවූ රියදුරුගේ වයස අවුරුදු 16ක් බවයි. එම ළමයාට ජීප් රථය පැදවීමට අවස්ථාව ලබාදුන් ජීප් රථයේ හිමිකරු වන ඔහුගේ පියාත් මේ වන විට අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව රියදුරා ද අත්අඩංගුවේ පසුවෙනවා. ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මහබාගේ පොලිස් ස්ථානය මඟින් තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 13800 පනී…

Next Post

කොවිඩ් නසන්න එංගලන්තයේ අනුමත වුණ ප්‍රතිවෛරස බෙහෙත් කරල….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.