සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාධිජනක චීන පොහොර තොගය ගොඩබා ගන්න කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ට බලපෑම්…

by editor
සැප්තැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිරත සියලු දෙනා වෙත විවෘත ආයාචනයක්

කෘෂිකර්ම සේවයේ සියලුම නිලධාරිවරුන්, කෘෂිකර්ම උපාධිධාරීන්, වෙනත් රැකියාවල නිරත කෘෂිකර්ම උපාධිධාරීන්, කෘෂි විද්‍යා පීඨවල ආචාර්යවරුන්, පිඨාධිපතිවරුන්, චීන අසූචි පොහොර පිළිබඳ තවමත් අවධානය යොමු කර නැති දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ කෘෂිකර්මයට, පරිසරයට ආදරය කරන සියලුම ශ්‍රී ලංකා පුරවැසියන් වෙත යොමු කරන විවෘත ලිපියයි.

චීන අසුචි පොහොර සාම්පල දෙවන රසායනාගාර පරීක්ෂයෙන් ද අසමත්වී ඇත. පසුගිය ඉරිදා මේ බව නොනිල මට්ටමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත වාර්තා කර ඇත.

කෙසේ නමුත්, ඊයේ දිනය පුරා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත චීන අසූචි පොහොර ලංකාවට අතුළත් කර ගැනීමට බලපෑම් කරමින් සිටී.

කෘෂිකර්මය යනු විද්‍යාවකි. එය දැනුම, දත්ත මත මිස ලැබෙන කොමිස් ප්‍රමාණය මත ලන්සු තබා ලක්බීමේ සරු පොළොව දුෂණය කිරීමට උත්සාහ දරන ගිජුලිහිණියන්ගේ අවශ්‍යතාවයන් මත විනාශයට යා නොදී රැක ගත යුතුව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වත්මන් කෘෂිකර්ම ලේකම්වරයා උත්සහ දරන්නේ කෙසේ හෝ රට තුළට චීන අසූචි මෙ.ටො. 20,000 ක් ඉදිරි සතිය තුළ රටට ගොඩ බෑමටය. මේ වන වට මේ අසූචි තොගය ලංකාව බලා නැව් මගින් රැගෙන එමින් තිබේ. මෙම පොහොර තොගයේ සාම්පල ගණනාවක් මේ වන විට ලෝකය පුරා පරීක්ෂාවට ලක් කර ඇත.

පසුගිය සැප්. 22 දින මෙරටට ආනයනය කළ, ලංකාවේ සිදු කළ දෙවන පරීක්ෂණයෙන් අනාවරණය වූවේ එහි බැක්ටීරියා අන්තර්ගත බවය. බැසිලස් බැක්ටීරියා ඛාණ්ඩය එහි අඩංගු වේ.

චීන අසූචි පොහොර ගොඩබෑමට ඉඩ දෙන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ට පාර්ශව රැසකින් බලපෑම් එල්ල වී ඇත්තේ මෙවැනි පරිසරයකය.

මේ චීන අසූචි කන්දට කර ගසා සිටින්නේ 2021.05.10 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, නිල් මැදුර ශ්‍රවනාගාරයේ පෙ.ව. 9.30 ට පැවති රැස්වීමට එදා කාබනික පොහොර ආනයන සමාගමක් වෙනුවෙන් සහභාගි වූ දැන් අමාත්‍යාංශයේ ඉහළම තනතුරක් දරන නිලධාරියෙකි. ඔහු ඉටු කරමින් සිටින්නේ දේශපාලන අවශ්‍යතාවයකි. ආණ්ඩුවට කාබනික වගා සංකල්පය අලෙවි කළ ව්‍යාපාරිකයෙක්, භික්ෂූන්වහන්සේ නමක්, වෛද්‍ය වෘත්තීය සමිති නායකයෙක් එහි දුෂිත සන්ධානය යි.

ඔබ හොඳින්ම දන්නා පරිදි, හිටපු කෘෂිකර්ම ලේකම් පුෂ්පකුමාර මහතාට සිය ලේකම් ධූරය අහිමි වූවේ අවිද්‍යාව මත කොමිස් කාක්කන්ට ඉඩ ලබාදීම ඔහු විසින් සිදු නොකළ බැවිනි. එදා ද මම ඔබට මෙලෙසම ඒ අවනඩුව කීවෙමි. පළමු වටයේ කිසිවෙකුගෙන් වත් විරෝධයක් එල්ල නොවීය. දෙවැනි වටයේ ඔබ එයට එරෙහිව විරෝධය පළ කරන විට පුෂ්පකුමාර මහතාට ලේකම් ධූරය අහිමිවී අවසන්ය.

කෘෂි උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන්, වෘත්තිකයින් පමණක් නොව කෘෂිකර්මයට, පරිසරයට ආදරය කරන සියළු දෙනා මේ මොහොතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගේ රැකවරණය සඳහා ශක්තියක් විය යුතුව ඇත. එසේ නොවේ නම්, හිටපු කෘෂිකර්ම ලේකම් පුෂ්පකුමාරට මේ දුෂිත සන්ධානය අත්කර දුන් ඉරණම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ද උරුම වනු ඇත. ඔබගේ විරෝධය ජනගත කරන්න.

චීන අසූචි කන්ද ලංකාවේ හැලීමට එරෙහි වෙමු. අපි එක්ව චීන අසූචි බුදින්නන් පරදවමු!!

රජිත් කීර්ති තෙන්නකෝන්

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාබනික ගොවිතැන කරන්න කිවුවට හදාගන්න කාබනික පොහොර ටිකේ ප්‍රමිතිය දන්නෙ නෑ… 

Next Post

කවුරු කෘෂිකර්ම පර්යේෂණ කළත් මෙහෙයවීම හා අධීක්ෂණය අමාත්‍යාංශය යටතට ගන්න… කෘෂිකර්ම ඇමති ලේකම්ට උපදෙස් දෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.