බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාබනික ගොවිතැන කරන්න කිවුවට හදාගන්න කාබනික පොහොර ටිකේ ප්‍රමිතිය දන්නෙ නෑ… 

කාබනික ගොවිතැන කරන දකුණේ ගොවීන් පිරිසකගේ අත්දැකීම

by editor
සැප්තැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නවීන කෘෂි ප්‍රවනතා මත රසායනික පොහාර, වල් නාශක, පලිබෝධ නාශක, මෙන්ම අභිජනනය කළ වී වර්ග භාවිතය හරිත විප්ලවයේ ප්‍රතිඵලයකි. දශක පහක කාලයක් පුරා මේ තාක්ෂණික සංකල්පය අපේ රටේත් පැතිරී වැඩී ගියේය.

එහෙත් තෙත් කලාපය ආශ්‍රිතව ඒ නවින වි වර්ග ඇසුරින් කළ කෘෂි කර්මාන්තය පැතිරිගියේ  අඩුවෙනි. තෙත් කලාපයේ ඇතැම් ගොවිහු පාරම්පාරික දේශිය වි වර්ග වගා කිරිම අත්නොහළහ. මේ නිසා දේශිය වි වර්ග  රාශියක් ගොවින් අත ඉබේටම පාහේ සංරක්ෂණය විය.

අදටත්  තෙත් කලාපයේ ගොවිහු ටිකෙන් ටික දේශිය වි වර්ග වගාකරති.  ගාල්ල දිස්ත්‍රික්කයේ තැනිත් නැත කුඩා  කණ්ඩායම් වශයෙන් එක්වි දේශිය වි වර්ග වගාකරණ ගොවීන් දැකිය හැකිය.  

ආණ්ඩුව කාබනික විප්ලවයකට සැරසෙන්නේය. රට්ටු  මේ දිනවල  කාබනික පොහොර නිෂ්පාදනය හා කාබනික ආහාර ගැන වැඩිවශයෙන් කථා කරමින් සිටින්නේය. අප මෙ කියන්නට යන්නේ කාබනික පොහොර දියර පොහොර පමණක් භාවිතා කරමින්  පාරම්පාරික වි ගොවිතැනට යලි පණදිම සඳහා කටයුතු කරණ ගොවි පිරිසක් ගැනය. ඔවුන්ගේ අත්දැකිම්  අපිට විස්තර කළේ මේ අයුරිනි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එම්. නිශාන්ත, සමරසිංහලාගේ චන්ද්‍රසේන, කපිල මහෙන්ද්‍ර

ගාල්ල පෝද්දල ප්‍රදේශයේ පදිංචි සමරසිංහලාගේ චන්ද්‍රසේන ( (63)  විශ්‍රාමික  ගණිත ගුරුවරයෙකි. මෙම විශ්‍රාමික ගුරුවරයා පාරිසරික කෘෂිකර්මාන්තයේ යෙදි සිටින අතර අක්කරයක පමණ   භුමි භාගයක සුවදැල්, කුරුළුතුඩු, පච්චපෙරුමාල් යන  දේශිය වි වර්ග  දැනට වසර තුනක සිට වගා කරති. තවත් අක්කර භාගයක කීර සම්බා වි වර්ගය වගාකොට ඇත. 

රජය මගින් වස විසෙන් තොර හරිත රටක් යන  සංකල්පය යටතේ කාබනික පොහොර නිෂ්පාදනය  දිරිගැන්විමත් සමග චන්ද්‍රසේන  ගොවි මහතා දැඩි උනන්දුවකින් යුතුව පාරිසරික ගොවිතැනට යොමුවි ඇත. මේ වනවිට ඔහු දේශිය වි වර්ග වලට අමතරව   නියර මත කොළ එළවළු ,  මාළු මිරිස්, වම්බෝටු, දේශිය කරවිල වර්ග, මඤ්ඤොක්කා ආදි භෝග වගාකොට ඇත.  ඔහුගේ ගෙවත්තේ කාබනික පොහොර නිෂ්පාදන එකකයක් ද ස්ථාපිත කොට ඇත. එහෙත් ඔහුට තම පොහොරවල නිශ්පාදන ප්‍රමිතිය සම්බන්ධව අදහසක් නැත. එය වගාවට යොදන ආකාරය සම්බන්ධව නිශ්චිත අදහසක් නැත.

“ මට මිට වසර 03ක පෙර මට  ඉතා තදින් දියවැඩියා රෝගය තිබුනා. ඒ සමග තමයි මා දේශිය වි වර්ග වගාකිරිමට යොමුවුනේ. රජය මගින් කාබනික වගාව සඳහා ප්‍රමුඛතාවය ලබාදිමත් සමග මා  දැඩි  උද්‍යෝගයෙන් යුතුව මේ සදහා යොමුවුනා. “

කාබනික එළළුවළු වගාව

 

“කාබනික හා දියර පොහොර භාවිතා කරනවා.   මිට අමතරව වගාව සදහා දහයියා අගුරු , ක්ෂුදුජිව ද්‍රාවන භාවිතා කරණවා. වි වගාවේ අස්වැන්න නෙලාගත් පසු අතරමැදි කාලය තුළ මුංඇට කවුපි වගා කරණවා. එළවළු බිජ මා විසින්ම හදා ගන්නවා.  ඒ විතරක් නෙවෙයි  කෘමි හානි සහ පලිබෝධ පාලන කටයුතු සදහා  කෙම්ක්‍රම  භාවිතා කරනවා.

ඇත්තටම පරිසරික කෘෂිකර්මාන්තයේ යෙදිම නිසා ඇතිවන.  මානසික සතුටු ගොඩක් වටිනවා.  ලබුදුව ගොවිජන සංවර්ධන ප්‍රදේශිය නිලධාරි කේ.එච්.ජේ. සදමාලි මහත්මිය හා වසමේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි එස්.ඩබ්ලිව් ගුණවර්ධන මහතා අවශ්‍ය උපදෙස් හා කාබනික පොහොර ලබාදෙමින් නිරතුරුව මා දිරිමත් කරනවා යැයි ද  චන්ද්‍රසේන  කිවේය. ඒත් මේ ගොවිතැන සම්බන්ධව මීට වඩා පරීක්ෂණ කරලා එහි ක්‍රමවේද පාරම්පරික දැනුම එක්ක දියුණු කළ යුතු බවයි මගෙ හැඟීම. එහෙම නැතිව අපට විශාල දුරක් මේ ගොවිතැන එක්ක යන්න බෑ. 

.ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙදි නිලධාරියකුවන කපිල මහෙන්ද්‍ර මෙන්ඩිස්  හා  තරුණයකු වන එම්. නිශාන්ත ලසන්ත එක් වි  ලබුදුව ගොවිජනසේවා බල ප්‍රදේශයට අයත් බාස්වත්ත ප්‍රදේශයේ   වසර 30ක්  තිස්සේ  පුරන්ව පැවති කුඹුරු අක්කර 05ක කාබනික පොහොර පමණක් භාවිතා කරමින් වි හා එළවළු භෝග වගාකොට සාර්ථක අස්වැන්නක් ලබා ගෙන  තිබේ.

පුරන් කුඹුරු යාය වගාකොට ඇති අයුරු

අක්කර 04ක පමණ භුමි ප්‍රමාණයක  සම්බා නැමති වි වර්ගය වගාකොට ඇත. අක්කරයක පමණ එළවළු භෝග වගාකොට තිබේ.   වගාකටයුතු සදහා කාබනික පොහොර වලට අමතරව ක්ෂ්ද්‍රජිවි ද්‍රාවන, ජිව මුත්‍රම්, මාළු ට්‍රොනික් යන  දියර  පොහොර වර්ගද  භාවිතා කොට ඇත.  වැඩිදියුණු කළ වී වර්ග සදහා කාබනික පොහොර හා දියර පොහොර පමණක් භාවිතා කරමින් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි බව හෙදි නිලධාරි  කපිල මහේන්ද්‍ර මෙන්ඩිස්  පවසන්නේය.

මේ වනවිට  කාබනික පොහොර හා දියර පොහොර යොදාගෙන  බෝංචි, බණ්ඩක්කා, පිපිඤ්ඤා, වැටකොළු, පතෝලා මෑකරල්,කරවිල යන එළවළු වර්ග අක්කරයක පමණ භුමියක වගාකොට  තියෙනවා. මේ දිනවල  එළවළු වගාවේ අස්වැන්න නෙලමින්  තියෙනවා.   මෙම එළවළු සඳහා  පාරිභෝගිකයින්ගෙන් ඉහල ඉල්ලුමක් තියෙනවා.. මෙකි එළවළු අස්වැන්නෙන් කොටසක්  කරාපිටිය ශික්ෂණ රෝහලේ මුළුතැන්ගෙය සදහා අලෙවි කිරිමට කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා  සමග  සාකච්ඡාකොට තියෙනවා. රෝහල් සේවකයින්ගෙන්ද එළවළු සදහා හොද ඉල්ලුමක් තියෙනවා. අපට මේ වගාව සඳහා යොදා ගන්න පොහොර  නිශ්ඡිත ප්‍රමිතියකට හදාගන්න හැකි අකාරය පැහැදිලි කරනවා නම් මේ වගාව අප වඩාත් සාර්ථකව කරගෙන යන්න පුලුවන්.“    හෙද නිලධාරිවරයා කිවේය.

එම්. නිශාන්ත ලසන්ත ( 40) තරුණයා  කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියෙකි. ඔහු සිය අත්දැකම් අප සමග කිවේය..

පුරන්ව පැවති මෙකි කුඹුරු  යාය   නැවත වගා කිරිමට කටයුතු කළේ. ඒ සදහා අපි විශාල කැපකිරිමක් කළා. කුකුළු පොහොර, දහයියා අගුරු   යොදාගෙන   පස සාරවත් කරගත්තා. අක්කරයක පමණ එළවළු වගා කරලා තියෙනවා. මිට අමතරව කුරුන්ද ප්‍රදේශය තුල කාබනික  පොහොර පමණක් යොදාගෙන  සුවදැල් කුරුළු තුඩ යන දේශිය වී වර්ග හා කොළවර්ග අපි දෙදෙනා එක් වි වගා කරණවා.  මෙතන තියන ගැටලුව තමයි රාසායනික පොහොර භාවිතා කරනකොට අපිට නිර්දේශයක් තියනවා මග පෙන්වීමක් තියනවා පොහොර යෙදීම ගැන. තවම ඒ දැනුම කාබනික ගොවිතැනට ඇවිත් නෑ.  එහෙත්     කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි වයි.එම් ඒ චාන්දනි මහත්මියගේ උපදෙස්මත මා දැන් කාබනික වගාව සදහා සම්පුරණයෙන් යොමුවි තිබෙනවා.“  නිශාන්ක කිවේය

නිමල් සිල්වා

රජය මගින් ගොවින්ට කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සදහා කටයුතු කරණ ලෙස  ඉල්ලා සිටියද  ගොවින් විසින්  නිෂ්පාදනය කරණ කාබනික පොහොරවල ප්‍රමිතිය පරික්ෂා කිරිම හා මිලදි ගැනිමට වැඩපිළිවෙළක් නොමැති බව ගාල්ල දිස්ත්‍රික්කයේ කාබනික ගොවිතැන ප්‍රචලිත කිරිම සදහා දිගු කාලයක සිට  උපදේශකවරයකු ලෙස කටයුතු කරණ  නිමල් ද සිල්වා  අප සමග කීවේ මේ ගොවි ගැටලුව ගැන මතු කළ සංවාදයක දී ය.

ඇත්තටම චිනයෙන් කාබනික පොහොර ගෙන්විම ඉතා භයානකයි. ඒ පොහොරවල හානිදායක බැක්ටිරියා තියෙන බව කියනවා.  මේ නිසා නැවත වරක් ගොවින්  පොහොර කඩයට ගිහින්  විදේශිය රටවලින් ගෙන්වන කාබනික පොහොර ගන්න  කටයුතු කරාවි. ගොවින් අතරමං කරන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ගොවින්ට කාබනික පොහොර හදාගන්න කීවත්. එවායේ ප්‍රමිතිය පරික්ෂා කරන්න වැඩපිළිවෙළක් නැහැ.. මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් කඩිනමින් ඇති කළයුතුයි.

වසර ගණනාවක් තිස්සේ  කාබනික ගොවිතැන් කටයුතු කරන විවිධ කණ්ඩායම් ගාල්ල දිස්ත්‍රික්කය තුළ සිටිනවා. ඒ අයත් සමග අපි වැඩ කරනවා. පස  මැරිලා තියෙන්නේ.  මියගිය පස සුවපත් කිරිම සදහා මෙන්ම ශාකයේ මුල මණ්ඩලයේ වර්ධනය සදහා අපි කරන පරීක්ෂණවල ප්‍රතිඵල අත් දකින්න විදිහක් නෑ. 

මේ ක්‍රමවේදය හදන්නෙ නැතිව කාබනික ගොවිතැනට රට යවන එක ලොකු අභියෝගයක්. අපි නිවැරදිව මේ ගමන යමු. 

ඔවුන් අපට කියන්නේ ඔවුන්ගේ අත්දැකීමය. ගොවීන්ගේ එම ජීවිත අත්දැකීම සුලු කොට සලකා නොසලකා හැරීම නොකළ යුතු  අපගේ විශ්වාසය ය. 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුහල්පතිවරු පිරිසක් තම පාසලේ ක්‍රීඩකයන්  19න් පහළ සංචිතයට රිංගවීමේ පොරයක..

Next Post

ව්‍යාධිජනක චීන පොහොර තොගය ගොඩබා ගන්න කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ට බලපෑම්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.