පාසල් ක්‍රිකට් සංගමයේ මුල් පුටු දරණ ඇතැම් විදුහල්පති වරු තම පාසලේ ක්‍රිකට් ක්‍රීඩකයන් 19 න් පහළ ජාතික කණ්ඩායමට රිංගවීමට බලපෑම් සිදු කරන බව වාර්තා වේ.
මෑතකදී අමාත්‍යාංශයේ සිට කොළඹ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පති ලෙස පත්ව ආ අයකු තම විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙකු 19න් පහළ ජාතික සංචිතයට රිංගවීම සඳහා ක්‍රිකට් බලධාරීන්ට දිගින් දිගටම බලපෑම් එල්ල කරන බවත් වාර්තා වේ.
මෙම විදුහල්පතිවරයා වරක් හොර පාරේ ක්‍රිකට් ආයතනයේ වියදමින් යොවුන් ක්‍රිකට් ලෝක ශූරතා තරග නැරඹීමටද ගිය අයෙක් බව ද කියැවේ.
මෙවැනි ලාබ හැසිරීම් සහිතව තම තමන්ගේ අභිවෘද්ධිය සඳහා වැඩ කරන පාසල් ක්‍රිකට් සංගමයේ හැසිරීම නිසා ඉදිරියේ දී පාසල් ක්‍රිකට් තවත් අර්බුදයකට යන ලකුණු පහළ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පාසල් ක්‍රීඩා පුහුණු වීම් නවත්වා දමා ඇති නිසා දැඩි අර්බුදයකට මුහුණ දී ඇති පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ට අඩු තරමින් 25% ක් හෝ ගෙවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍ර ලේඛනයක්ද නිකුත් කර ඇති නමුත් එය ක්‍රියාත්මක කරවීම සඳහා මැදිහත් වීම පාසල් ක්‍රිකට් සංගමය සිදුකර නැතැයි ද වාර්තා වේ.