වාහන ආනයන තහනම ලිහිල් කරන කාලවකවානු හෝ ඊට අදාළ කොන්දේසි සම්බන්ධයෙන් රජය තවමත් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බවත් සිදුව ඇත්තේ මහ බැංකු අධිපතිවරයා මේ පිළිබඳව උපකල්පන මත අදහස් පළ කිරීමක් පමණක් බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද (28) පෙරවරුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.
වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා ලබා දුන් පිළිතුර මෙසේය.
“ වාහන ආනයන තහනම තවමත් ක්‍රියාත්මකයි. එය ඉවත් කිරීම සම්බන්ධයෙන් කාල වකවානු හෝ කොන්දේසි පිළිබඳව කිසිදු තීන්දුවක් මේ වනතෙක් රජය විසින් ගෙන නැති බව සඳහන් කළ යුතුයි. සිදුව ඇත්තේ මහ බැංකු අධිපතිවරයා මේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගත හැකි ප්‍රතිප්තතිමය තීරණ සම්බන්දයෙන් යම් උපකල්පන මත පිහිටා අදහස් දැක්වීමක් පමණයි. නමුත් අද 28 වැනි සඳදුා පෙරවරු 10.45 වන තෙක් රජය ඒ සම්බන්ධටෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මම අවධාරණය කරන්න කැමැතියි.