ඩොලර් අර්බුදය හේතුවෙන් වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහලුම් 800කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කර ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් බැංකුවලින් නිදහස් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය ඊයේ (27) ලැබී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
අද පෙරවරුවේ රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අලගියවන්න මහතා සඳහන් කළේ පසුගියදා ආනයනකරුවන් සහ රාජය අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි. එමෙන්ම අදම එම කටයුතු සිදුවනු ඇති බවත් අලගියවන්න අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය. දැනට රට තුළ පවතින අත්‍යවශ්‍ය ආහාර දුව්‍යවල යම් හිගයක් පවතින්නේ නම් එය මෙම පියවර තුළින්ද අවම වනු ඇති බවට විශ්වාසය පළ කළ රාජ්‍ය අමාත්‍යයවරයා
“වරායේ සිරවූ කන්ටේනර් වර්ග දෙකක් තිබෙනවා. එකක් නීති විරෝධිව ගෙන්වූ භාණ්ඩ සහිත කන්ටේනර්.අනෙක් වර්ගය ගෙන්වීමෙන් පසුව බැංකුවලින් ඩොලර් ලබා නොදීම නිසා ගන්න බැරි දේවල් තිබෙනවා. ඒ ආකාරයට විවිධ අත්‍යවශය භාණ්ඩ සම්බන්ධව කන්ටේනර් 800කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඊයේ අනුමැතිය දුන්නේ ඩොලර් හිඟය හේතුවෙන් සිරවී ඇති කන්ටේනර් සම්බන්ධයෙනුයි. නීති විරෝදීව ගෙන්වා ඇති ද්‍රව්‍ය රාජ සන්තක කරල සතොසට මුදා හැරෙනවා.ඊට අදාල තීරණය අප මීට කලින් ගෙන තිබෙනවා.“යයි පැවසීය.