(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ කෙරෙන පර්යේෂණ කුමන ආයතනයකින් කළ ඒවා මෙහෙයවීම හා අධීක්ෂණය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනයකින් සිදු විය යුතු බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අද (28) ප්‍රකාශ කළේය.
කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින් අධීක්ෂණය කරන යාන්ත්‍රණයක් වහාම ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහට අද ඇමතිවරයා උපදෙස් දී තිබේ.
සියළුම පර්යේෂණ රජයේ ප්‍රතිපත්තිවලට හා කාලීන අවශ්‍යතාවලට අනුව සිදුවිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.
ලංකාදීප