අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාකූල ශ්‍රි ලංකාව දෙස ලෝකයම බලා ඉන්න වෙලාවක ව්‍යාකුල අතීතය ගැන ලියවුණු පොත ලෝක අවධානයට ලක් වුණා !

බුකර් වෙබ් අඩවිය වෙත බුකර් සම්මානය ලබාගෙන ශෙහාන් කරුණාතිලක කී කතාව...

by editor
ඔක්තෝබර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • මාලි අල්මේදා චරිතය නිර්මාණය කළේ රිචඩ් ද සොයිසා ගේ චරිතය අධ්‍යයනය කරලා ඒ ඇසුරින්…

  • මට අවශ්‍ය වුණේ 1980 දශකය තුළ ශ්‍රි ලංකාවේ පැවති අඳුරු සමාජ පැතිකඩ පිළිබඳව යම් පිළිඹිබුවක් කරන්න.

ව්‍යාකූල වර්තමානයක් සහිත ශ්‍රි ලංකාව දෙස සමස්ත ලෝකයම බලා සිටින මොහොතක ශ්‍රි ලංකාවේ ව්‍යාකූල අතිතය පිළිබඳව කියවෙන නව කතාවක් ලෝකයේම අවධානයට ලක්ව ඇති බව ලෝක ප්‍රකට බුකර් සාහිත්‍ය සම්මානයේ හොඳම කෘතිය ලෙස සම්මාන ලද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා The Seven Moons of Maali Almeida ) කෘතියේ ලේඛක ශෙහාන් කරුණාතිලක පවසයි.

බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද දෙවන ශ්‍රී  ලාංකිකයා වීමේ ගෞරවය ඔහු හිමි කර ගන්නේ සිය නව කතා ජීවිතය තුළ රචනා කරන ලද දෙවැනි කෘතියෙනි.

මේ පිළිබදව බුකර් වෙබ් අඩවිය විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසන්නේ සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා නම් කෘතියට 80 දශකයේ ශ්‍රී  ලංකාවේ සිටි ප්‍රකට සමාජ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේව්දියකු වන රිචඩ් ද සොයිසා පදනම් කර ගත් බවයි.

ඔහු මේ ග්‍රන්ථය රචනා කිරීම 2014 වසරේ ආරම්භ කළ බවත් ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ 2009 දී පමණ සිට කළ බවත් මෙම 47 හැවිරිදි ලේඛකයා සඳහන් කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

1975 දී ගාල්ලේ ඉපදුණු ශෙහාන් කරුණාතිලක වැඩ දුර අධ්‍යාපනය නවසීලන්තයේදී හදාරා ඇති අතර කලක් එංගලන්තයේ සහ සිංගප්පූරුවේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ සේවය කර ඇත.

“ මගේ නව කතාවේ කතා නායකයා මාලි අල්මේදා . ඔහු සමලිංගිකයෙක්. සමාජයේ විවිධ මුහුණුවර නියෝජනය කල කෙනෙක්. මම මේ චරිතයට පාදක කර ගත්තේ රිචඩ් ද සොයියා. ඔහුත් සමලිංගිකයෙක්. ඔහු සමාජ ක්‍රියාධරයෙක්. මාධ්‍යවේදියෙක්. යුධ ඡායාරූප ශිල්පියෙක්. ඒ වගේම සූදු කෙළින්නෙක්. ඔහුගේ මේ සියලු ලක්ෂණ අධ්‍යයනය කරමින් මම මාලි අල්මේදා කියන චරිතය ගොඩ නැගුවා. ඒ සඳහා විවිධ සමාජ තත්ත්ව හැදෑරීමට මට සිදුවුණා. රිචඩ් ද සොයිසා යුධ ඡායාරූප ශල්පියකු ලෙස භයානක ප්‍රදේශවලට ගියා . එහි අත්දැකීම් මම ලබා ගන්න උත්සාහ කළා.

සමහරු හිතනවා මේ ග්‍රන්තයේ ප්‍රධාන චරිතය වන මාලි අල්මේදා සමලිංගික පුද්ගලයකු නිසා මා එය හුවා දක්වන්නට උත්සාහ කරනවා කියල. නමුත් එය එක් කොටසක් පමණයි. මම ලිංගිකත්වය පිළිබඳව ලෙකු හැදෑරීමක් ඇති ප්‍රවීණයෙක් නෙවෙයි. මට එය මේ කෘතිය තුළ ඉස්මතු කිරීමේ  කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නෑ. මට අවශ්‍ය වුණේ 1980 දශකය තුළ ශ්‍රි ලංකාවේ පැවති අඳුරු සමාජ පැතිකඩ පිළිබඳව යම පිළිඹිබුවක් කරන්න.

“ මම මේ පොත ලිවීම ගැන හිතන්න ගත්තේ 2009 වසරේ. එය අපේ රටේ දිගු කාලයක් තිබුණු යුද්ධය නැති වුණු අවුරුද්ද. අපේ රටේ එහෙම දෙයක වුණේ ඇයි? කාගේ වරදින්ද? මම මේ ගැන හිතුවා. නමුත් මම ලියන්න ගත්තේ 2014 – 2015 විතර. සෑහෙන කාලයක් තිස්සේ මේ කතාව වරින් වර විවිධ දේ එකතු කරමින් ලිව්වා. 1989 වැනි කාලයක පැවති රටේ වාතාවරණය වැනි ලක්ෂණ මම සලකා බලුවා. 1989 වැනි කාලයක රටේ තිබුණේ භීෂණයක්. ඝාතන, මල මිනී වෙඩි තැබිම් එමටයි. එ අතිතය ගැන ලියන එක වර්තමානය ගැන ලියන එකට වඩා ආරක්ෂිතයි කියල මට හිතුණ.

මේ නිසා මේ තේමාවට මා ඒ වගේම විවධ හොල්මන් අවතාර කථා, මරනින් මතු ජීවිතය, මරාණාසන්න අත්දැකීම් වැනි දේ පිළිබඳවත් මම යම් යම් හැදෑරීම් සිදුකොට මා සොයා ගත් හිතට ආවේ දේ “ඒ 4“ කොල පිරෙන්න පැන්සලෙන් ලිව්වා. පසුව මම ඒ ඇසුරින් කථාවට යම් රාමුවක් පරිගණකයෙන් ටයිප් කළා.
ශෙහාන් කරුණාතිලක රටේ වර්තමානය ගැනද මෙසේ පවසයි.

“ ඉදිරියට අරගලය ගැන, විරෝධතා ගැන පළාගිය ජනාධිපතිවරු ගැන හොඳ කතා ලියවෙන බවට කිසිම සැකයක් නෑ. නමුත් මේ අප දකින ඒවාට වඩා රට තුළ විසිරුණු හිංසනය ගැන ආර්ථික ප්‍රශ්න ගැන තවත් කතා බොහොමයක් තිබේවි. අද රටේ පවතින ආර්ථික දුෂ්කරතා තුළ අද නිර්මාණය වී ඇති අර්බුද කිසිසේත් 1989 පැවැති තත්වයට හෝ 1983 පැවති භීෂණ තත්ත්වයට සමාන කරන්න බෑ. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්‍රාම වයස සම්පූර්ණ කළ වෛද්‍යවරුන්ගේ සේවය වසරකින් දීර්ඝ කෙරේ…

Next Post

අක්කරයක කාබනික වට්ටක්කා වගාවෙන් ලක්ෂ 17ක අදායමක් ලැබූ මහවැලි ගොවියෙක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.