මිහින්තලා පුදබිම හුදු සිද්ධස්ථානයක් හෝ පෞරාණික ආරාම සංකීර්ණයක් නොව, මෙරට බෞද්ධ උරුමයේ න්‍යෂ්ටිය මෙන්ම ලාංකේය භික්ෂු ශාසනයේ තිඹිරිගෙය බවද උන්වහන්සේලා පෙන්වා දෙති.
මහා නායක හිමිවරු රජයට සිහි කරන්නේ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීමෙන් බැඳී සිටින බවය.
එබැවින් භූමියේ සංවර්ධන කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයත් ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිිසියත් යොදවා නිසි මැදිහත්වීම නිරන්තරයෙන් ලබා දිය යතු බවට මහා නායක හිමිවර රජයට අවධාරණය කරති.
උන්වහන්සේලා පෙන්වා දෙන්නේ ථෙරවාදී මහාවිහාරීය බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානය වන මිහින්තලා පුදබිම සුරක්ෂිත කර මතු පරපුරට දායාද කිරීමට ජනාධිපතිවරයා සහ සියලු බලධාරීන් කටයුතු කළ යුතු බවය.
එම නිවේදනය පහත දැක්වේ.








