අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන්නිලා ඇත්තටන්ටත් මරණ තර්ජන…. උරහිසේ ඇති පොරවෙන් කැබලි වලට කපා මරා දමනවා කියලා…

by editor
ඔක්තෝබර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

ඉතිහාසයේ කිසිම ආදිවාසී නායකයෙක් අත් නොවිඳි කළකිරවන සුළු අත්දැකීමක් ලබමින් සිටින බවත් මේ වනවිට තමන්ටත් මරණ තර්ජන එල්ල වී ඇති බවත් ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ කීහ.

තමන්ගේ උරහිසේ ඇති පොරව ගෙන කැබලි වලට කපා කොටා මරා දමන බව තමන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ ඉලක්ක කරගෙන එවූ ලිපියේ  සඳහන් වී ඇතැයි ඔහු පැවසුවේය.

වන්නිලා ඇත්තන්  මේ බව ප්‍රකාශ කළේ වසන්ත මුදලිගේට මරණ තර්ජන එල්ල කර වන්නිලා ඇත්තන්ට එවූ ලිපිය සම්බන්ධව  ලංකාසර කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.

සිය ඥාති පුතනුවෙක් වූ වසන්ත මුදලිගේ සම්බන්ධව තමන් කතා කළේ මේ රටේ පුරවැසියෙක් ලෙස බවත් ඊට තමන්ට අයිතියක් ඇති බවත් කී වන්නිලා ඇත්තෝ  තමන්ට සහ වසන්ත මුදලිගේට මරණ තර්ජන එල්ල කරමින් කුරුණෑගලින් තැපැල් කර ඇති ලියුම පිළිබඳව රටේ අවධානය යොමු කරවන බව ද කීය

වන්නිලා ඇත්තෝ මෙසේ ද පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මම මගෙ ඥාති දරුවෙක් වුන වසන්ත මුදලිගේ ගැන කතා කළා.  ඔහු අසාධාරණ විදිහට හිරකරගෙන ඉන්න එපා කියන ඉල්ලීම කළා.  වැරැද්දක් කරලා තියනවා නම් කට උත්තර අරන් රටේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු කරන්න කියන ඉල්ලීම කළා. මා කිව්වෙ එහෙම කරලා වැරැද්දක් තියනවා නම් කොල්ලව හිරේ දාන්න, නැතිනම් නිදහස් කරන්න කියන එක.“

“ඒ කතාව කිව්වට පස්සේ මට නිර්ණාමික ලියුමක් ආවා. ලියුම ලියලා තියෙන්නේ පළමු වෙනිදා. කුරුණෑගලින් තැපැල් කරලා තියෙන්නේ.  මගෙ නමට ආපු  ඒ ලිපියේ තමයි මටත් වසන්තටත් මරණ තර්ජන එල්ල කරලා තිබුණේ. “

“ ඒ ලියුමෙ ලියලා තිබුණා ගෙදර ආවට පස්සේ පෙති පෙති ගහනවා කියලා. ගිනි තියලා අලු කරනවා කියලා. සිංහල මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගනගෙන රට හදන්න එනවා කියලා. තව කියලා තිබුණා මේ රට අයිති අපිට. තොපි දකුණු ඉන්දියාවෙන් ආපු කල්ලතෝනි කියලා.“

ඒ ලියුමෙ මට කියලා තිබුණා අපේ කණ්ඩායමත් අරන් දකුණු ඉන්දියාවට යන්න කියලා. මටත් මරණ තර්ජන කරලා තිබුණා. පරුෂ වචනවලින් බැනලා තිබුණා. මාව මගෙ පොරවෙන්ම කපලා මරනවා කියලා තිබුණා.

මා හිතන්නෙ ඉතිහාසය දන්නෙ නැති කෙනෙක් වෙන්න ඇති මේ ලියුම ලියලා එවලා තියෙන්නේ.

මා ඉල්ලන්නෙ මේ ලියුම ගැන පරීක්ෂා කරලා බලන්න කියලා. මා ජන වර්ගයක නායකයෙක්. මා මගෙ පරම්පරාවේ දඹානෙ ජීවත්වෙන තරුණයෙකුට අසාධාරණයක් වෙන වග දකිනවා නම් ඔහු ගැන කතා කරනවා. අසාධාරණයට ලක් වෙන්නෙ මේ රටේ මොන දරුවෙක් ද ඒ ගැන නායකයෙක් විදිහට මගේ මතය කියන්න මට අයිතියක් තියනවා.

“මට මෙහම තර්ජනයක් කළාට පසසේ ඒ ගැන පරීක්ෂා කරන්න මේ රට පාලනය කරන නායකයෝ  කටයුතු කරන්න ඕන.  මා ජනාධිපති තුමාගෙන් සහ අගමැති තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. “

වන්නිලා ඇත්තෝ කීහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සරසවි සිසු සිසුවියන් දැඩි මානසික පීඩාවක?… පේරාදෙණියේ තත්ත්වය ඉතාම බරපතල බව හෙළිවේ!

Next Post

ඇපල් එයාර්පොඩ්ස් හා බීට්ස් හෙඩ්ෆෝන් නිෂ්පාදන ඉන්දියාවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.