සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වව්නියාව උපන්දින සාද ඝාතනයේ මුල මත්ද්‍රව්‍ය ජාවාරමක් නොවේ… අනියම් පෙමක්!

මිනි මරුම් කොන්ත්‍රාත්තුව ගත් සැකකාර අපරාධකරුවන් හෙළි කරලා..

by editor
අගෝස්තු 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දියසේන රතුගමගේ –

පසුගිය 23 දා වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසට පැන  ද්විත්ව ඝාතනයක් සිදුකර, එම නිවසට ගිනි තබා දරුවන් 05ක් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකුට බරපතල තුවාල සිදුකරීමේ  සාහසික අපරාධකරුවන්,  රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (31) අත් අඩංගුවට  ගෙන පැය 48ක  රඳවා ගැනීමේ නියෝග මත  ප්‍රශ්න කරමින් ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.

ප්‍රහාරයට භාවිතා කළ කඩු පොළු ඇතුළු ආයුධත්, ඒ සඳහා පැමිණි බව කියන  යතුරුපැදි 3කුත්  විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාවේ මදවයිත්තකුලම්, පම්පේමඩු, ශිවපුරම් හා නෙලුකුලම් යන ප්‍රදේශ වලිනි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 24, 27, 31 හා 34 යන වයස්වල පසුවන වව්නියාවේ පදිංචිකරුවන්ය.

මෙම අපරාධය පසුපස ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක් නොව, අනියම්  සම්බන්ධයක් ගැටුමක් බවට පත් වීමෙන් ලබා දුන් මිනී මැරුම් කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වීම බව මේ වනවිට රහස් පොලිස් විමර්ශකයින් විසින් හෙලි කරගෙන ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම ප්‍රහාරයේ දී පසුව ඝාතනය වූ තරුණයා සිය පෙම්වතිය සමග ජීවත්වන අතරම ග්‍රාමනිලධාරිණියක සමගත් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම ග්‍රාම නිලධාරණිය හා සම්බන්ධකම් පවත්වන තවත් පුද්ගලයෙක් විසින් මෙම තරුණයා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවත් විමර්ශන ආරංචි මාර්ග පවසයි.

ඝාතකයින් උපන් දින සාදයක් පැවති සුරේෂ්  නැමති අයගේ නිවසට කඩා වැදී ඇත්තේ මිය ගිය තරුණයා ඝාතනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමටම බව දැන් හෙළි වී ඇත.

සිද්ධියේ  දී  එම ස්ථානයේ දීම  මිය ගිය තරුණිය මුලින්ම මෙම ඝාතකයින් පැමිණෙන ආකාරය දැක බිය වී කෑ ගසා ඇති නිසා ඇයව නිහඬ කිරීමට ඇයට තියුණු ආයුධයකින් පහර දී මරා දමා තිබිණු බව විමර්ශන අංශ කියයි.

ඝාතකයන්ගේ ඉල්කකය වූ තරුණයා බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබමින සිටිය දී මිය ගියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවත් ඔවුන් හෙට (02) අධිකරණයට ඉදිරිපත් කරන බවත් විමර්ශන අංශ කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොන්දේසි නැතිව ජනතාව සමග… නියඟයෙන් වගා හානි වූ අයට සහන අරන් දෙන්නත් මැදිහත් වෙනවා… නාමල් රාජපක්ෂ කියන කතාව….

Next Post

ග්‍රේට් වෙස්ටන් කඳු මුදුනේ හඳුනා නොගත් කාන්තා මළ සිරුරක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.