මනම්පිටිය නිමල් ජයරත්න –
තම වී වගාව වන අලින්ගෙන් රැක ගැනීම සඳහා ඇද තිබු අනවසර විදුලි රැහැනක දැවටී මනම්පිටිය මහවැව ගම්මානයෙ 58 වියති ගොවියෙක් අද (17 ) අලුයම මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මනම්පිටිය මහවැව අංක 99/ 02/60 ලිපිනයේ පදිංචිව සිටි බාලසූරියගේ චන්ද්‍රසිරි යන පස්දරු පියකු බවත් පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
ඔහු තම කුඹුර අසල නිවසේ සිට අනවසරයෙන් කුඹුරට විදුලිය ඇද තිබූ අතර එම විදුලිය සම්බන්ධ කිරීමට ගිය විටදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පවසයි,
ඔහු විදුලිය සම්බන්ධතා පිළිබඳ ක්‍රියා කරන පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.
මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාරගේ උපදෙස් පරිදි පොලිපොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මෙම සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු 17 වැනිදා දහවල් සිදු කිරීමට නියමිත බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර අප කළ විමසීමකදී සඳහන් කළේය.







