80 -90 දශකය වර්ණවත් කළ ලෝක ටෙනිස් පුරාවෘතයක් බඳු වූ බොරිස් බෙකර් සිය බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නීතිවිරෝධී ලෙස විශාල මුදල් ප්‍රමාණයක් සහ වත්කම් ප්‍රමාණයක් සඟවා තැබීම වරදට බ්‍රිතාන්‍ය අධිකරණය ඊයේ ( 29) වසර 2½ ක සිර දඬුවමක් නියම කළේය.
බොරිස් බෙකර් යනු තුන් වතාවක් විම්බල්ඩන් ශූරතාවය දිනූ ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් විශිෂ්ට ක්‍රීඩකයෙකි. බෙකර් 1985 දී වයස අවුරුදු 17 දී විම්බල්ඩන් කේවල ශූරතාව දිනූ පළමු ශ්‍රේණිගත නොකළ ක්‍රීඩකයා ඔහුය. බෙකර් හය වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය දිනාගෙන තිබිණි. ජර්මානු ජාතිකයෙක් වූ බෙකර් වර්ෂ 2012 සිට පදිංචිව සිටියේ එංගලන්තයේ ය.
වත්කම් සඟවා තැබීම යටතේ චෝදනා හතරකට මේ මස මුලදී වරදකරු වූ බෙකර් වෙත වසර හතක උපරිම සිර දඬුවමක් නියම විය. එහෙත් දීර්ඝ සංවාදයකින් අනතුරුව ලන්ඩනයේ සවුත්වාර්ක් ක්‍රවුන් උසාවියේ විනිසුරු ඩෙබොරා ටේලර් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
54 හැවිරිදි ජර්මානු ජාතික බෙකර් 2017 ජූනි මාසයේ බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමෙන් පසු පසු පවුම් ලක්ෂ ගණනක් ඔහුගේ ව්‍යාපාරික ගිණුමෙන් හිටපු බිරිය සිය හිටපු බිරියගේ ඇතුළු වෙනත් ගිණුම් වෙත මාරු කර ඇති බව සොයාගෙන තිබිණි.
බෙකර් ජර්මනියේ දේපලක් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම සහ යුරෝ 825,000 ($ 871,000) බැංකු ණයක් සහ තාක්ෂණික සමාගමක කොටස් සඟවා තැබීම සම්බන්ධයෙන් ද වරදකරු විය.
බෙකර්ගේ බංකොලොත් භාවය ප්රකාශවන්නේ පුද්ගලික බැංකුවකින් යුරෝ මිලියන 4.6 ක ණයක් මෙන්ම, බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකුගෙන් ඩොලර් මිලියන 1.6 ක් පමණ ණයට ගත් බව කියන වර්ෂ 2013 දී ය.
නඩු විභාගය අතරතුර, බෙකර් පැවසුවේ ඔහුගේ ඩොලර් මිලියන 50 ක වෘත්තීය ඉපැයීම් “මිල අධික දික්කසාදයක්” සඳහා ගෙවීමට සිදු වූ බවය. විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුගේ ආදායමෙන් විශාල කොටස් ණය බරට හිලව් වූ බවය.







