යේමනයේ ‘හව්ති’ කොල්ලකරුවන් විසින් පැහැරගත් ඉන්දියානු නාවිකයින් හත් දෙනා ඔවුන් බේරා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ස්තූතිය පිරිනමා තිබේ.
පසුගිය ජනවාරි 22 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් ‘රුවාබි’ නෞකාවේ සිටි ඉන්දියානුවන් ඇතුළු විදේශකයින් 14 දෙනෙකු රතු මුහුදේදී ‘හව්ති’ කොල්ලකරුවන් සිය ග්‍රහණයට ගත්හ. ඔමානයේ සහයෝගයෙන් ‘හව්ති’ කොල්ලකරුවන් හා සාකච්ඡා කොට ඉන්දියානු නාවිකයින් පිරිස බේරා ගත් බව එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.ඔමානයේ රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන්යානයකින් එම පිරිස ඉන්දියාවට රැගෙන එන ලදී.
අපි මාස තුන හමාරක කාලයක් එහි හිරවෙලා හිටියා. දීර්ඝ සාකච්ඡාවලින් පස්සේ අපිව බේරා ගන්න ඉන්දියානු රජය අපේ අගමැතිතුමා වගේම ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සමත් වුණා. අපි ඔවුන්ට අපේ මුළු හදවතින්ම ස්තූතිවන්ත වෙනවා..
දිවි බේරා ගත් නාවිකයෙකු වන මොහොමඩ් මුන්වර් සමීර් ෂෙයික් සඳහන් කළේය.
යේමනයේ තත්ත්වය අන්තිම නරකයි.. කොල්ලකරුවන්ට අපේ නැව හා භාණ්ඩ පැහැර ගන්නයි වුවමනා වුණේ.. අපි නැවේ කාර්ය මණ්ඩලය නිසා අපිව හිර කර ගත්තා.. ඒත් අපි ඉන්දියානුවන් කියලා දැන ගත්තම එයාලා අපිට හොඳින් සැලකුවා.. විදේශ රටවලට සංචාරය කරන ඉන්දියානුවන් කිසිම දේකට බය වෙන්නේ නෑ.. මොකද ඔවුන් දන්නවා රජය ඔවුන් වෙනුවෙන් ඉන්නවා කියලා..
තවත් නාවිකයෙකු වන මොහොමඩ් ජෂීම් ඛාන් සඳහන් කරයි.
ඉන්දියානුවන් හත්දෙනාට අමතරව ඔවුන් අතර සිටි පිලිපීන මියන්මාර් ඉතියෝපියා හා එක්සත් රාජධානියේ නාවිකයින් ද ඉන්දියානු මැදිහත්වීමෙන් ‘හව්ති’ ග්‍රහණයෙන් මුදවා ගැනීමට සමත් විය. මෙම ගලවා ගැනීමේ මෙහෙයුමට සහය දුන් ඔමාන් රජය ඇතුළු සියලු පාර්ශවයන්ට ඉන්දියානු රජය සිය ස්තූතිය පිරි නැමීය.