සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වකුගඩු ජාවාරමුන්ගේ මුර බල්ලෙක් වූ පොලිස් පරීක්ෂක ගැන විශේෂ විමර්ශනයක්!

by editor
නොවැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බොරැල්ල කොටා පාරේ වෙස්ටන් හොස්පිට්ල් නැමැති රෝහල මුල් කරගෙන සිදුකරගෙන ගිය නීති විරෝධී අවයව ජවාරමට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම අවයව ජවාරම මෙම රෝහල මුල්කරගෙන කාලයක් තිස්සේ පැවතී ඇති බවත්, සමාජයේ අතිශය දුගී පිරිස් වෙත විශාල මූල්‍ය බලාපොරොත්තු උපදවා  ඔවුන්ගේ වකුගඩු මුදලට ලබා ගෙන සිදුකරන මෙම ජාවාරම පසුගියදා දෙරණ නාලිකාව විසින් හෙළිදරවු කරනු ලැබුවේ එම ජාවාරමේම තැරැව් කරුවෙක් විසින් ලබා දුන් තොරතුරු පදනම් කරගෙන කළ ගිවේෂණයකින් අනතුරුවය.

රෝහල පවතින්නේ  වෛද්‍ය මොහොමඩ් හුසේන් රිස්වි ශරීෆ් යටතේය.

ලංකාවේ නීිතියට අනුව සපුරා තහනම් ශරීර අවයව වෙළෙඳාම මෙම රෝහල මුල් කරගෙන පවත්වාගෙන ගොස් තිබිණි.

අවයව ලබා ගැනීම සඳහා සමාජයේ පහළම ස්ථරයේය ජීවත්වන අන්ත දුගී පිරිස් තෝරාගෙන තිබිණි. මෙම සිද්ධිය හෙළි වන්නේ එවැනි අසරණ මිනිසුන් පස් දෙනෙකුගෙන් වකුගඩු ලබාගෙන පොරොන්දු වූ මුදල ලබා දෙනවා වෙනුවට පොලිස් පරීක්ෂකවරයෙක් ලවා තර්ජනය කරවමින් රුපියල් ලක්ෂ දෙක බැගින් බෙදා දී වකුගඩු ලබා දුන් පුද්ගලයින්  පළවා හැරීමෙන් අනතුරුවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සිද්ධිය මාධ්‍යයට අනාවරණය කරන්නේ මෙම රෝහලට වකුගඩු  සැපයීමේ තරැව් කරුවෙක්  ලෙස කටයුතු කරන  බ්ලූ මෙන්ඩල්  පාර කොළඹ 13,   සිරිසඳ සෙවන නිවාස සංකීර්ණයේ පදිංචි  වලිසුන්දර මුදියන්සේලාගේ සුපුන් සංජීව නොහොත් සඳුන් නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු විසින් වකුගඩු ලබා ගැනීම සඳහා වෙස්ටන් රෝහල වෙත යොමු කළ පුද්ගලයින් 05 දෙනෙක් මෙම වංචාවට ලක් වූ බව ඔහු කීවේය. පසුව කාන්තාවක් සහිත මෙම  පුද්ගලයින් 05 දෙනා බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් යොමු කර තිබිණි.

මෙසේ වංචාවට ලක් වී සිටියේ  වෘත්තියෙන් වෑල්ඩින්කරුවෙක් වූ කොච්චිකඩේ මයිකල් මාවතේ පදිංචිකරුවෙක්, මාර්ග පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන කොළඹ 15 ශ්‍රී පඤ්ඤානන්ද මාවතේ පදිංචිකරුවෙක්. වෑල්ඩින් කරුවෙක් ලෙස සේවය කරන බ්ලූ මෙන්ඩල් සිරිසඳ සෙවන නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක්, කුලී කම්කරුවෙක් වන කොළඹ 13 මිරානියා වීදියේ පදිංචිකරුවෙක් සහ කොළඹ 15 පඤ්ඤානන්ද මාවතේ මෙත්සිරි සෙවන නිවාස සංකිර්ණයේ පදිංචි කාන්තාවක්ය.

මෙම දුගී මිනිසුන්ගේ වකුගඩු ගලවාගැනීමෙන් අනතුරුව නීතිය විවරණය කරමින්   පොරොන්දු වූ මුදල් ලබා නොදී තර්ජනය කර පළවා හැරීම සිද්ධියට අදාල චෝදනාව විය.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයා ඒ අවස්ථාවට පැමිණ තිබුණේ ස්වකීය නිල ඇඳුමෙනි.

මෙම නිලධාරියා පොලිස් මූලස්ථානය විසින් හඳුනාගෙන ඇති අතර ඔහුගේ ඉතිහාසයම අතිශය දූෂිත එක්ක බව  වාර්තා වේ.

ඔහු පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන වකවානුවේ තාවකාලික රියදුරු බලපත්‍ර මුදල්වලට විකුණා හසුවී දඬුවම් ලැබ තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කරන අවධියේ  සිය පුතා අතින් ඝාතනය වුණු   බියගම විලේජ් හෝටලයේ හිමිකරුගේ ඝාතකයා සැඟවීමට ගත් උත්සාහ හෙළි වීමෙන් ඔහු වැඩ තහනමට ලක් වී සිටියේය.

මේ නිලධාරියා පොලිසියේ දූෂිත ඉහළ නිලධාරීන්ගේ  අනීතික ගනුදෙණු සම්බන්ධීකරණය කරන පුද්ගලයෙක් ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔහුට ටික දිනකින්   යළි සේවයට පැමිණීමට හැකි වී තිබේ.

ඔහු බුද්ධි අංශයේ සේවයේ යොදවා තිබුණද නියමිත රාජකාරි පැහැරහැරීම හේතුවෙන් චෝදනා ලැබ තිබේ. මෙම පොලිස් නිලධාරියා කාලයක් තිස්සේ මෙම ජාවරමට සම්බන්ධ බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඔහු සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්මලාන දුම්රිය අංගනයේ දී දුම්රිය මැදිරියක් ගිනිගෙන විනාශ වේ….

Next Post

පොලිස් කොමිසමේ සභාපතිකම ගන්න හිටපු පොලිස් ලොක්කන් 04ක් රෙදි නැතිව දේශපාලන වන්දනාවක!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.